IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


හැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයි

(රංජන් කස්තුරි)

රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි.

ඒ අනුව වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලයේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 හා ඉංජිනේරුවන්ගේ විශ්‍රාම යෑමේ උපරිම වයස් සීමාව අවුරුදු 61 මට්ටමේ තැබෙන බව ද එම ආරංචි මාර්ග කියයි.

ඒ සඳහා ඉදිරියේදී කැබිනට් මණ්ඩල අනුමැතිය අපෙක්ෂාකරන බව ද ඉන් පසුව අදාළ උපදෙස් නිකුත්කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (8)

හැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයි

විමලසිරි Sunday, 04 September 2022 04:17 PM

මට මතක විදියට අසූගණන්වල අත්‍යාවශ්‍යම සේවාවල අයට අවුරුදු 65 දක්වා සේවයේ යෙදීමට අවසර දුන්නු රා.ප.රි. චක්‍රලේඛයක් තිබුණා..

:       5       3

පුරවැසියෙක්.... Sunday, 04 September 2022 07:32 PM

තරුණ පිරිසට රැකියා අවස්ථා ලබාදීම සඳහා විශ්‍රාම යාමේ වයස අවුරුදු 55 කළ යුතුයි...

:       3       18

pakeer Sunday, 04 September 2022 08:56 PM

අනිවාර්යයෙන් දොස්තරලා හැර... අනික් හැමෝම 55න් ගෙදර යැවිය යුතුයි...

:       0       0

Piyal Monday, 05 September 2022 04:51 AM

අමාත්‍යාංශ ලේකම්වරුන් වැනි උසස් තනතුරු ද අවුරුදු 60ක උපරිම වයස් සීමාවට යටත් කළ යුතුය.

:       0       0

විහඟ Monday, 05 September 2022 09:24 AM

60 නෙමෙයි 55 කරා නම් හරි. ඔය නාකි ඈයො ඉන්නකම් මේ රට ගොඩ ගන්නවා බොරු

:       0       1

Dharshani fernando Monday, 05 September 2022 10:49 AM

විශ්‍රාම යාමේ වයස 55 කල යුතුයි, ඒවිට සෑහෙන පිරිසක් මේකට ඇතුලත් වෙයි.ඒවිට බලාපොරොත්තු වන ප්‍රමාණය රඡය සේවයෙන් ඉවත් කල හැකියි,

:       0       3

රංජිත් ජයසේකර Monday, 05 September 2022 03:51 PM

රාජ්‍ය සේවයේ මෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු සඳහාද වයස අවුරුදු 60 සීමාව පැනවීම ගැන නීති සෑදීමට සුදුසු කාලයයි මේ...!

:       0       1

Rosan Monday, 05 September 2022 08:39 PM

50 යවලා අලුතින් රැකියා දෙන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site