(නිමන්ති රණසිංහ)
ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සමගාමීව (24) හෙට දින පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් රාජ්‍ය දේපල වලට හානි සිදු වීමට ඉඩ ඉඩකඩ ඇති බැවින් එය නවතා දමන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි කොළඹ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා අද (23) ප්‍රතික්ෂේප කළේය.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වැළැක්වීම සඳහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි යැයි සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා උද්ඝෝෂණකරුවන් මහජන පිහිටා ඇතිවන ආකාරයෙන් හෝ රාජ්‍ය දේපලවලට හානි සිදු කරමින් උද්ඝෝෂණයේ නිරත වුවහොත් පොලිස් බලතල පාවිච්චි කරන ලෙසට මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැනුම් දුන්නේය.
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව වගඋත්තරකරුවන් 16 දෙනෙකුට එරෙහිව කොළඹ කොටුව පොලීසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම ඉල්ලා තිබුණි.
අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන ව්‍යාපාරයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි, හෝමාගම පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කුබල්වෙල විජිතනන්ද හිමි, අග්නිදිග විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ටෙරන්ස් අන්ජන රොද්‍රිගෝ, නැගෙනහිර විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති චමත් රන්දිම, කැළණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ශිහාන් සාලින්ද, විවෘත විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රවිදු ලක්ශාන්, වයඹ විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය සංගමයේ සභාපති කසුන් අවිශ්ක, රජරට විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හේශාන් හර්ෂණ, පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාල කළමනාකරණ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ලහිරු ප්‍රනාන්දු, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ගණකාධිකරණ පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු තරිදු ප්‍රසාද්, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවේ සංවිධායක ප්‍රශාන් ප්‍රශාන්ත් ශෙට්ටි, පේරාදෙණිය විශ්වවිද්‍යාල සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති දේවින්ද මුහන්දිරම්, විවෘත විශ්වවිද්‍යාල ආදි විද්‍යාඥයින් ගේ ක්‍රියාකාරී සාමාජික උදාර සඳරුවන්, සබරගමුව විශ්ව විද්‍යාල ආදි විද්‍යාර්ථීන්ගේ ක්‍රියාකාරී සාමාජික මනෝජ් රණසිංහ, අන්තර් විශ්ව විශ්වවිද්‍යාලීය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ වෙනත් තැනැත්තන් වෙත මෙම නියෝගය නිකුත් කරන ලෙසට කොටුව පොලිසිය අධිකරනයෙන් ඉල්ලා සිටිනු ලැබීය.
දහසක් පමණ පිරිසක් කැටුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසල සිට හෝ වෙනත් ස්ථානයක සිට ගාලුමුවදොර උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට පැමිනෙන වගඋත්තරකරුවන් එහි රැය පහන් කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොටුව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රදේශයේ ඇති ප්‍රමුඛ පෙළේ රාජය ආයතන සහ නිල නිවාසවලට බලහත්කාරයෙන් ඇතුළු වීමේ අවදානමක් පවතින බවද බුද්ධි තොරතුරු මගින් හෙළි වී ඇතැයි සඳහන් කළ කොටුව පොලිසිය, එය වළකාලනු පිණිස මෙම නියෝගය නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ අනුව පහත සඳහන් මාර්ග වලට යොමු වීම සහ එම ප්‍රදේශයේ පවතින කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවාසයකට හෝ දේපළකට ඇතුළු වීම, හානි කිරීම සහ රාජකාරියේ නිරත රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ ප්‍රචණ්ඩකාරී හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් වලින් තොරව කටයුතු කරන ලෙසට වගඋත්තරකරුවන්ට එරෙහිව මෙම ආඥාව නිකුත් කරන්නැයි කොටුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
එන්. එච්. ඒ. වටරවුමේ සිට චෛත්‍ය පාර, එන්. එච්. ඒ. වටරවුමේ සිට ජනාධිපති මාවත, සෙරමික් හන්දියේ සිට යෝක් වීදිය, ජී ඕ එච් හන්දිය දක්වා බැංකු මාවත, සෙරමික් හන්දියේ සිට එන් එච් ඒ වටරවුම දක්වා ලෝටස් මාවත, පහල චැතැම් වීදිය, ජී එම් එච් හන්දියේ සිට ප්‍රධාන මාවත සහ ලේ deyen බැස්ටියන් මාවත සහ ලේඩියෙන් බැස්ටියන් මාවත යන ප්‍රදේශවලට උත්තරකරුවන් ඇතුළු පිරිසට ඇතුළුවීම තහනම් කරන ලෙසට ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අනාගතයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමන්ට කිසිදු නියෝගයක් නිකුත් කළ නොහැකි බව සඳහන් කරමින් පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෙට විරෝධයට අධිකරණය දුන් තීන්දුව