
සවුදි රජය මගින් ස්වෙච්ඡා හජ් වන්දනා කරුවන් වෙත ලබාදෙන ‘බේසා වීසා’ (Free Movement Pass) අවභාවිතා කරමින් හජ් කමිටුවේ සභාපතිවරයා සහ තවත් සාමාජිකයන් කිහිප දෙනකු ඹවුන්ගේ භාර්යාවන් මෙවර හජ් වන්දනාවට සහභාගී කර ගැනීමට කටයුතුකර ඇතැයි වන්දනාකරුවෝ චෝදනා කරති.
මේ සදහා හජ්කමිටු සාමාජිකයන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර දේශපාලන අනුමැතියද ලබාගෙන ඇතැයි ඹවුහු කියති.
මේ නිසා බේසා වීසා නොලැබීමෙන් ස්වෙච්ඡා සංවිධායකයන් පිරිසක් දැඩි අසාධාරනයකට ලක්ව සිටින බවද ඹවුහු සදහන් කරති.
හජ් කමිටු සාමාජිකයන් මෙලෙස සිය භාර්යාවන් රැගෙන යාම වංචාවක් වන අතර එලෙස යන කාන්තාවන්ට අසනීප වුවහොත් ඹවුන්ට වන්දනාවට සහභාගිවිය නොහැකිවන බවද එය ආගමික නීතියකැයිද වන්දනාකරුවෝ කියති
සවුදි රජයෙන් මෙවරද ශ්‍රී ලංකාවට බේසා වීසා (Free Moumen t Pass) 35ක් ලබාදී ඇති අතර හජ් කමිටු සාමාජිකයන් ඉන් කිහිපයක්ම එලෙස අවභාවිතාකර ඇතැයිද වන්දනාකරුවෝ පවසති
මෙම බේසා වීසා හජ් කටයුතු සංවිධානය කරන නියෝජිතයින්ට පමණක් නොවන බවත්, හජ් ගමනේදී නියෝජිතයින් විසින් සිදු කරන කටයුතු හා සේවා නියාමනය කිරීමට හජ් කමිටු දෙපාර්තමේන්තුවට අමාත්‍යවරු සහභාගී විය යුතු බවටත් ව්‍යාජ තර්ක ඉදිරිපත් කරමින් මීට පෙරද, හජ් සඳහා හිටපු ඇමතිවරු තමන්ට කැමති පරිදි මෙම වීසා බෙදා ගැනීම සිරිතක්ව තිබූ බවද ඹවුහු කියති
සමහර හිටපු අමාත්‍යවරු එම හජ් ගමනට අවශ්‍ය අමතර, වියදම් මුදල් පවා හජ් අරමුදලෙන් භාවිතා කළ බවද කියති
මෙම බේසාව සඳහා රු. 35,000ට අඩු කුඩා මුදලක් සැකසුම් ගාස්තුව ලෙස ගෙවීම ප්‍රමාණවත් වන අතර වෙනත් කිසිදු වියදමක් නොමැති හෙයින් මෙම වීසාව අවභාවිතා කිරීමට බලධාරීහු කටයුතු කරති
සාමාන්‍ය පරිදි හජ් වන්දනාව ඉටුකිරීමට ලක්ෂ 20ක් පමණ වැයවෙන හෙයින් මොවුන් සිය භාර්යාවන් මෙලෙස නොමිලයේ වන්දනාවේ රැගෙන යන බවද වන්දනාකරුවෝ පැවසීය
ඉකුත් නොවැම්බර් මස 5 වැනි දින මාධ්‍ය හමුවක් පැවැත්වූ හජ් කමිටුව, මෙම වසරේ අනිවාර්යයෙන්ම බේසා වීසා 35ම නියෝජිතයින්ට පමණක් ලබා දෙන බව සහ එය හජ් කටයුතු සංවිධානය කරන නියෝජිතයින් සඳහා ලබාදෙන බවද අවධාරණය කළේය.
එසේ පැවසූවද කමිටු සාමාජිකයන් සිය භාර්යාවන් බේසා වීසාවෙන් හජ් සඳහා රැගෙන යාම විශාල පරස්පරයක් ඇති කර තිබේ.
තවද හජ් කමිටුව විසින් මෙම වසරේ තෝරාගත් සවුදි සපයන්නා සමාගම, බේසා වීසාව සඳහා විශේෂ මිනා කූඩාරමක් ඉදිකිරීමට කිසිදා නොවූ ලෙස මුදල් ගෙවීමට බල කර ඇත.
එය සාමාන්‍යයෙන් හජ් යන පුද්ගලයින්ට යන වියදමෙන් අඩක් බව කියැවේ.
තවද මෙම බේසා වීසා ලබා ගන්නා අය, පසුගිය නොවැම්බර් මාසයේ සවුදියේ පැවති අනිවාර්ය පුහුණු වැඩසටහනට සහභාගී වූ අය විය යුතු බවට හජ් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබුණි.
එහෙත් ඔවුන්ගේ භාර්යාවන් කවදා සවුදි ගියාද, කවදා සහභාගී වූවාද යන ප්‍රශ්න නගමින්, හජ් කමිටු සාමාජිකයින්ගේ විශ්වාසවන්තභාවය හා වගකීම ගැන වන්දනාකැරුවෝ ප්‍රශ්ණ කරති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා... හැම තැනම අල්ලස් හා හොර වැඩ කරන එවුන්...