IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


හච් 5G අත්දැකීම එළිදක්වයි

ශ්‍රී ලංකාව තුළ 5G තාක්ෂණය නවමු මාවතකට යොමු කරමින්, හච් විසින් තම ප්‍රථම 5G අත්දැකීම වන්ගෝල්ෆෙස් හි හච් ප්‍රිමියර් සේවා මධ්‍යස්ථානයේදී පසුගියදා සාර්ථක ලෙස අත්හදා බලන බැලුවේය.

හච්, විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයෙක් වන ZTE සමඟ අත්වැල් බැඳගනිමින් 5G තාක්ෂණයේ ප්‍රායෝගික භාවිත වැදගත්කම් සෑහෙන ප්‍රමාණයක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඕෂද සේනානායක යන මහත්වරු, හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමර් නඩරාසා මහතා සහ හච් කළමනාකාරීත්වය සහභාගි වූහ.

මෙම 5G අත්හදා බැලීම අදියර කිහිපයකින් සමන්විත වූ අතර Ookla ගෝලීය බ්‍රෝඩ්බෑන්ඩ් වේග පරීක්ෂණයට අනුව, හච් ශ්‍රී ලංකාවේ වේගවත්ම 5G දත්ත හුවමාරු අත්දැකීමට හිමිකම් කියන අතර එය 1.8Gbps අගයකින්ද තොරතුරු වෙත ප්‍රවේශවීමේ අවම ප්‍රතීක කාලයකින්ද යුක්ත වේ. මේ අවස්ථාවට සහභාගීවූවන් සඳහා 5G තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රීඩා, ඔන්ලයින් සාකච්ඡා සහ වීඩියෝ නැරඹීමේ අවස්ථාවද සලසා තිබූ අතර එමඟින් 4G සහ 3G ආවරණවලට සාපේක්ෂව 5G හි කාර්යක්ෂමතාව කොතරම්ද යන්න ඔවුන්ට සජීවීව අත්විඳිය හැකිවිය.

මෙම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසීය. ‘‘මෙය සැබැවින්ම හච් හි අප සැමට විශේෂ අවස්ථාවක්. අප පාරිභෝගිකයන්ගේ අපේක්ෂාවන් උපරිමයෙන් ඉටුකිරීමට උත්සාහ කරන සමාගමක් ලෙස මේ 5G එළිදැක්වීම තාක්ෂණික පරිවර්තනයකට තැබූ නවමු පියවරක්. සෑමවිටම පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් නවෝත්පාදනවලට යොමුවීමෙන් මෙලෙස නවීනතම සහ වඩාත්ම දියුණු තාක්‍ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ලැබීම ගැන අප නිහතමානී ලෙස ආඩම්බර වෙනවා”‍

ස්මාර්ට් සිටි, රියදුරු රහිත වාහන, Augmented Reality (AR)/Virtual Reality (VR), කාර්මික ස්වයංක්‍රීයකරණය සහ තවත් බොහෝ නවීන සංකල්ප මෙම 5G තාක්ෂණය ඔස්සේ බලගැන්වෙන අතරම 5G ආවරණ ජාලය ස්ථාපිත වීමෙන් පසු තවත් නවෝත්පාදන රැසක් බිහිවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පසුගිය වසරේදී හච් සහ එටිසලාට් ඒකාබද්ධ කිරීමත්, දීපව්‍යාප්ත 4G ආවරණ ජාලය සම්පූර්ණ කිරීමත් සමඟම මෙලෙස 5G පරීක්ෂණ කටයුතු ආරම්භ කළ හච්, මේ වන විට ශ්‍රී ලංකාව තුළ තම සාර්ථකත්වය එකිනෙක සනිටුහන් කරමින් සිටී.

 



අදහස් (0)

හච් 5G අත්දැකීම එළිදක්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 128 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 587 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site