(ඒ.ජේ.කරඳගොල්ල )
හඟුරන්කෙත,පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සීයකට ආසන්න පිරිසක් ආසාත්මිකතාවයක් හේතුවෙන් අද (23.) රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත්කර ඇත.
මින් සිසුන් පස්දෙනකුට ශ්වසන ආබාධයක්ද ඇතිව තිබූ බව රෝහල් ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසීය .
ඇඟ කැසීමත් සමඟ පලු දැමීම නිසා මෙම සිසු සිසුවියන් රෝහල්ගතකර තිබේ.
මෙසේ රෝහල්ගතකර ඇත්තේ එම විද්‍යාලයෙ 7 සහ 8 වන ශ්‍රේණියේ සිසු සිසුවියන් පිරිසකි.
එක ශාලාවක මෙම පන්ති දෙක පිහිටා ඇත. කුඩා කෘමි සතකු විදීමත් සමඟ මෙම ආසාත්මිකතාවය ඇතිව තිබේ.
ඉන් පසුව විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලය මඟින් මෙම සිසු පිරිස රෝහල්ගතකිරීමට පියවරගෙන තිබුණි. කෙසේ වුවද මෙම ආසාත්මිකතාවයට නිශ්ච්ත හේතුව අනාවරණය නොවූ බව රෝහල් ප්‍රකාශකයකු ලංකාදීපයට පැවසීය .
සිසු සිසුවියන් රෝහල්ගතකිරිමෙන් පසුව වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය යුහුසුළුව ප්‍රතිකාරක ලබාදීමට කටයුතු කරනු ලැබීය.
මේ සම්බන්ධව රිකිල්ලගස්කඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය සහ හඟුරන්කෙත පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඟුරන්කෙත විද්‍යාකරයේ සිසුන් 100 ක් රෝහලේ