IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට

(ෂේන් සෙනෙවිරත්න)

හගුරන්කෙත උඩවත්තකුඹුර ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

ඉකුත් 19 වැනි දින දෙපිරිසක් අතර ඇති වූ ඉඩම් ආරවුලකදී එම තරුණයාගේ හිසට දරුණු පහරක් වැදි මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මිය ගියේය . එම ගැටුමෙන් එම තරුණයා ගේ පියාට ද බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි .

ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ යැයි පවසමින් දෙසීයකට අධික පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලා කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔවුන් විසුරවා හැරීමට අහසට වෙඩි තැබීමට ද පොලිසියට සිදුවිය .

එම පහරදීමෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටි ඊට සම්බන්ධ සැකකරුවන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් එසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අතර එක් කාන්තාවක් ඇයගේ සැමියා සහ පුත්‍රයාද සිටී .

 



අදහස් (2)

හඟුරන්කෙත ඝාතනයට අටක් සැකපිට

KULE Wednesday, 28 June 2023 12:32 AM

රජ කාලේ නම් දවසින් නඩුව අහලා ,එදාම උලත් තියනවා .නැත්නම් හිස ගසා දමනවා .ඒ කාලේ රජවරු

:       0       7

Bunny Preena Wednesday, 28 June 2023 12:13 PM

වර්තමානයේ ඔක්කොම රජවරුනේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 509 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site