
(වසන්ත චන්ද්‍රපාල)
ගල්ඔය වැවිලි සමාගම විසින් පවත්වා ගෙන යනු ලබන හිගුරාන සීනි කර්මාන්ත ශාලාව මෙවර කෙටි ඇඹරුම් වාරයේදී හිගුරාන සීනි ඉතිහාසය වෙනස් කරමින් උක් ටොන් 1,11,272 ක් අඹරා තිබේ.
හිගුරාන සීනි සමාගම ආරම්භ කර වසර හැටකට වැඩි කාලයක් ගතවී ඇති අතර කෙටි ඇඹරුම් වාරයක දී උක් ගස් වැඩි ම ප්‍රමාණයක් ඇඹරූ ප්‍රථම අවස්ථාව මෙය බව ගල්ඔය වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාත් පෙරේරා මහතා පැවැසීය.
මීට පෙර හිගුරාන සීනි කර්මාන්තශාලාවේ කෙටි ඇඹරුම් වාරයක දී අඹරා ඇත්තේ උක් ටොන් 95,000 ක් බව ද සදහන් කළේය.
දැනට ගල්ඔය වැවිලි සමාගම යටතේ උක් ගොවීන් 10,000 ක් පමණ සම්බන්ධ වී ඇති බව ගල්ඔය වැවිලි සමාගමේ කෘෂිකර්ම දෙපාර්මේන්තු ප්‍රධානි තුෂාර සමන් කුමාර මහතා පැවැසීය.
ගොවීන්ට අවශ්‍ය මූලික පහසුකම් ගල්ඔය වැවිලි සමාගමෙන් ලබාදෙන අතර හිගුරාන ඉතිහාසයේ පළමු වරට උක් ගොවීන්ට බෝනස් ලබාදීමට කටයුතු කළ බව ද සදහන් කළේය.
මෙවර කෙටි ඇඹරුම් වාරයේ දී සිනි මෙට්‍රික් ටොන් 6958 ක් නිෂ්පාදනය කළ බව නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (කර්මාන්ත) සමන්ත කුමාර මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් දැන් රනිල්ගේ ධූර දර්ශී මග පෙන්වීම යටතේ උනා කියලද කියන්නේ ?
අවංකව සොරකම් සහ වංචනික වැඩ නොකරන පක්ෂයක් සහ සේවකයින් ඉන්නා ආයතනයක් කවදාවක්වත් කඩා වැටෙන්නේ නැහැ
බැරිද දියවන්නාවේ ඉන්න කාලකන්ණි 226ත් ඔය ඇඹරුම් වාරයක දී අඹරලාම දාන්න. රටට සහ සියලු ජාතීන්ට කරන මහඟු සෙතක්...
2024 ඇඹරුම් වාරයේදී හිඟුරාණ සීනි කම්හල මගින් උක් ටොන් 11l,272 අඹරා නිපදවා ඇත්තේ සීනි ටොන් 6958 ක් බැවින් මෙවරද සීනි නිස්සාරන ප්රතිශතය 06.25% ක් බව පෙනේ.ඇත්තටම මෙය සීනි කර්මාන්තයක පැවතිය හැකි ඉතාම අඩු අගයක් ! ( දේශීය සීනි කර්මාන්තය මගින් වසර 2020 ට කලින් වාර්තා වු 08.0% කට ඉහලින් පැවති සීනී නිස්සාරණ ප්රතිශතය දිගින් දිගටම අඩුවීම ඇත්තටම කණගාටුවට කාරණයක්. මේ ගැන කඩිනමින් සොයාබලා සුදුසු පිලියම් යෙදීම ඉතා වැදගත්. මන්ද දේශීය සීනි නිශ්පාදනය වියදම් වැඩි වීමට මේ පහල මට්ටමක පවතින සීනි නිස්සාරණ ප්රතිශතය සෘජුවම බල පාන නිසා .