IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හිඟයක් මැව් ඉන්ධන පිරවුම්හල්වලට දඬුවම්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොන්දේසි කඩකරමින් ඉන්ධන අවම තොග පවත්වානොගත් පිරවුම්හල්වලට එරෙහිව නීතිමය පියවර ගනනා ලෙස දැනුම් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව හරහා ක්‍රියාත්මක වන ඉන්ධන පිරවුම්හල් 1050 න් 432 ක් පමණක් පසුගිය සතියේ සියලුම නිෂ්පාදන සඳහා අවම තොග පවත්වා ගෙන ගොස් ඇති බවත් අළෙවි නියෝජිතයන් 255 ක් කිසිදු නිෂ්පාදනයක් සඳහා අවම තොග පවත්වා ගෙන යාමට අපොහොසත් වී ඇති බවත් අමාත්‍යවරයා කීය.

අලෙවි නියෝජිතයන් 363 ක් එක් නිෂ්පාදනයක් සඳහා පමණක් අවම තොග තබාගෙන ඇති බවත් අනාවරණය වී ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ ගිවිසුම් කොන්දේසි උල්ලංඝණය කර ඇති වෙළඳුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සිපෙට්කෝ වෙත උපදෙස් දුන් බවත්ය.

පසුගිය මස 31 වැනිදා සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමෙන් පසුව ඉන්ධන පිරවුම්හල් අවම තොග පවත්වාගෙන නොයෑම නිසා මෙම මස මුල දින කීපයේදී රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය.

 



අදහස් (2)

හිඟයක් මැව් ඉන්ධන පිරවුම්හල්වලට දඬුවම්

Sunil Thursday, 08 June 2023 04:02 PM

මෙගොල්ලො නීතිය ක්‍රියත්මක කරන කොට බයයි. ඉන්දන පිරවුම් හල් හිමිකරුවන් මොන පැත්තෙන් සිනහ වෙනවද මන්ද.

:       0       0

සල්ලි Thursday, 08 June 2023 05:19 PM

අපේ සල්ලිවලින් කාලා මුහුණ දිලිසෙනවා මෙයාගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 542 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site