(අංජුල මහික වීරරත්න)
ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහ හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය අද (25) දැනුම් දුන්නේය.
ඖෂධ හිඟය සඳහා කෙටිකාලීන සහ මධ්‍යකාලීන විසදුම් පිළිබඳව සකාච්ජා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය දී පැවැති සාකච්ඡාවක දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ඉන්දීය ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලැබුනු ඇමෙරිකා ඩොලර් මිලියන 200 ක වටිනා ඖෂධ සඳහා ලංකා රුපියල් වලින් ගෙවීමට එකඟතාවයට පැමිණි බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් හිඟය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ලංකාව අතර සිදු කෙරුණු සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණි බවද වික්‍රමසිංහ මහතා කීය.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ ප්‍රංශ රජය විසින් ලබා දීමට නියමිත ඖෂධ හා නිර්වින්දන උපකරණ තොගය නිසා දිවයිනේ සියලුම හදිසි ශල්‍යාගාර දින 90 කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙන බවයි.මෙම ආධාර තොගය හෙට (26) දිනයේ දී ලැබීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
හිඟ ඖෂධ මොනවාදැයි ඉක්මනට කියන්න