
(අංජුල මහික වීරරත්න)
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
යම් තැනැත්තෙක් එලෙස නොකරන්නේ නම් නොගෙවන හෝ ප්‍රමාද වී ගෙවන ආදායම් බදු වෙනුවෙන් නීති ප්‍රකාරව දණ්ඩනයකට සහ පොලියකට යටත් වන බවත් මෙම දඩ හෝ පොලී අඩු කිරීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු නොලබන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
තවද ඕනෑම බදු වර්ගයක් සඳහා යම් තැනැත්තෙකු විසින් ගෙවිය යුතු බදු මුදල් නොගෙවා සිටීමෙන් ඇතිවූ හිඟ බදු පවතී නම් ඒ සියල්ල ඔක්තෝබර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බවද එදිනට පසුව තවදුරටත් නොගෙවා සිටින හිඟබදු පවතී නම් ඒවා අය කර ගැනීමට දේශීය ආදායම් පනතේ සඳහන් පරිදි නීතිමය කටයුතු ඇතුළුව සියලුම ආකාරයේ අය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සිදුවනු ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ ගැන වැඩිදුරු තොරතුරු අවශ්‍ය නම් 1944 අංකය අමතා හෝ ආසන්නම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලය සමඟ සම්බන්ධ වී විස්තර ලබා ගත හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය වසරවල කපාහල බදු යලි අයකරගත යුත්තේය...
තනිකර රනිල්ගේ ආර්තික වැඩ පිළිවෙල ක්‍රියත්මක වෙන්නේ. මුදල් ලේකම් මහ බැන්කු අධිපති සහ අනිකුත් මූල්‍ය අරමුදල සමග කටයුතු කළ සියලු නිලධාරිනුත් එක්ක ගමන යන්නේ...
ව්‍යාපාරික දේශපාලකයන්ටත් මේ නියෝගය වලංගුද…? නැත්නම් පොඩි මිනිහාට විතරද…?
ඕක හොර ගුහාවක්.., දැන් නිකන් නින්දෙන් නැගිට්ටා වගේ එකපාරටම උඩ පනිනවා..., එතකොට 2022/ 2023 වර්ෂය දක්වා සියලුම ආදායම් බදු ඔබලා අයකරගෙනද ඉන්නේ...?
අපි අමාරුවෙන් උපයාගත්ත ධනයෙන් උඹලාගේ අකාර්යක්ෂම ආන්ඩුව නඩත්තු කරන්න බදු ගෙවන්න වෙලා.
අන්න හරි! ගෙවිය යුතු බදු සියල්ල නිසිපරිදි අයකරගන්න ඕනෑ. ඔය සල්ලි තමයි රටේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට පැන්ෂන් පඩි ගෙවන්න යොදවන්නේ, ඒක නිසා සතයක් අඩු නැතිව බදු අයකරගන්න ඕනෑ. බදු හොරු දේපල රාජසන්තක කර සිරගත කරන්නත් ඕනෑ.
බදු ගෙවීම් ප්‍රමාද වන්නේ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන අසාධරණ බදු ඇස්තමේන්තු නිසාද කියාත් සොයා බැලිය යුතුයි.