
(අංජුල මහික වීරරත්න)
සෞදි අරාබියේ රැකියා සඳහා පිටත්ව යන වෘත්තිය කුසලතා සහිත ශ්‍රමිකයින්ගේ අනිවාර්ය කුසලතා සත්‍යාපන විභාගයට ඉදිරියේදී සිංහල සහ දෙමළ භාෂාවලින් පෙනී සිටීමේ අවස්ථාව ලබාදීමට සෞදි අරාබියේ TAKAMOL Holdings ආයතනය එකඟතාව පළ කර තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, සෞදි අරාබියේ රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාර්තාවක් උපුටා දක්වමින් සදහන් කරයි.
රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දිගු කලක් තිස්සේ මෙම පහසුකම ලබාදෙන ලෙස සෞදි බලධාරීන්ගෙන් කළ ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ගෙන ඇතැයි කාර්යංශය කියයි.
ලැබී ඇති නිල දැනුම්දීම අනුව, SVP විභාග ප්‍රශ්න පත්‍ර TAKAMOL මාර්ගගත පද්ධතියට සිංහල සහ දෙමළ භාෂාවලින් අදියර දෙකක් යටතේ ඇතුළත් කෙරේ.
පළමු අදියර 2026 ජූලි 29 දින ආරම්භ වී ඇති අතර දෙවන අදියර 2026 අගෝස්තු 15 දින ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම නව පහසුකම මඟින් සෞදි අරාබියේ නියමිත කුසලතාමය රැකියා සඳහා අයැදුම් කරන ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ මව් භාෂාවෙන් අනිවාර්ය SVP විභාගයට පෙනී සිටීමට හැකි වන අතර, කුසලතා සහ අර්ධ කුසලතා සහිත ශ්‍රමිකයින් වැඩි පිරිසක් සෞදි අරාබියේ රැකියා අවස්ථා සඳහා සුදුසුකම් ලබා ගැනීමට මෙය දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd