(අංජුල මහික වීරරත්න)

නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ශක්තිමත් කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව සෞඛ්‍ය සේවයේ වෘත්තීය ඛාණ්ඩ 4ක ක්ෂේත්‍ර 14ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව පත්වීම් ප්‍රදානය අගෝස්තු 1  පෙරවරු 9.00ට අරලියගහ මන්දිර පරිශ්‍ර රැස්වීම් ශාලාවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙහි දී කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන සෞඛ්‍ය වෘත්තීය සේවාවන්ට අයත්  වෘත්තිකයින් 1,444 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය.