IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් කිව්වේ නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

සුළි කුණාටුවක් එනවා යැයි ආණ්ඩුවට කිසිදු පෙර දැනුම් දීමක් නොලැබුණු බව කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

"ආපදාවට ආණ්ඩුව ක්‍රියාත්මක  වුණේ නැතැයි කීම වැරදි චෝදනාවක්. වැසි කාලයකදී කාලගුණ වැඩසටහනකදී එවැනි වාර්තා කිරීම් හැමදාම සිදුවෙනවා.අදාල ආයතන විසින් ඒවාට ගත යුතු ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා.

මෙවැනි සුළි කුණාටුවක් එනවාය කියන කාරණය අදාල ආයතන  වලට හෝ ආණ්ඩුවට දැනුම් දීමක් කර නැහැ.සුළි කුණාටුව ලංකාව හරහා යාම වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි.නමුත් මේ සිදුවීම වූ සැණින් වහාම මැදිහත් වී ආපදාවට ලක් වූ සියලු පවුල් ඉවත් කර  ඒ කටයුතු සිද්ධ කළා.

අනවසර ඉදිකිරීම් ආදිය නිසාත් අනතුරට ලක් වූ ප්‍රමාණයක් සිටිනවා.නමුත් අප වෙිගයෙන් මැදිහත් වී ඔවුන්ට අවශ්‍ය ආහාර ,රැකබලා ගැනීම්, බේරා ගැනීම් ආදී කටයුතු සිද්ධ කළා.නමුත් ආණ්ඩුව මොකුත් කරන්නේ නැතැයි සමාජ මතයක් හැදුවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (2)

සුළි කුණාටුවක් ගැන අපිට කවුරුවත් කිව්වේ නෑ

Casmir Friday, 05 December 2025 02:46 PM

ඕනෑම මනුස්සයෙක් දේශපාලනයට අතුලුණාම ඒ මනුස්සයා තනිකරම පිස්සෙක්, නැත්නම් පාපිස්සක් වෙනවා. සුළිකුණාටුව එනවා කියලා නෙවෙයි... ඒකේ බලපෑම තියනවා කියලා ලංකාවේ හැම මනුස්සයෙක්ම දන්නවා. ඒත් වගකිවයුතු දෙශපාලකයෙක් දන්නේ නෑ. 1/. ස්වභාවික විපත් අවම කරන්න කිසිම වැඩපිළිවෙලක් නැහැ 2/. හැමදාම ගංගා නිම්න කියන්නේ ගංවතුර ගලන ප්‍රදේශ 3/.කදු බෑවුම් කියන්නේ නාය යන ප්‍රදේශ ලොකුම පම්පෝරිය තමයි අපි අච්චර ආධාර දුන්නා මෙච්චර ආධාර දුන්නා කියලා කියන එක. අපි පුදුම හිත උණුවෙන ජාතියක් කියලා වැළලෙන එක. ඇත්තෙන්ම ලංකාවේ කිසිම දේශපාලකයෙක්ගෙන් මීට වැඩිදෙයක් බලපොරොත්තු වෙන්න බැහැ. ස්වභාවික විපත් අවම කරන්න සැලසුම් හදපල්ලා... ඕවා කරන්න පුළුවන්...

:       2       3

සෙනෙවිරත්න Friday, 05 December 2025 02:49 PM

කියනකම් ඉන්නේ නැතුව ඒවා හොයලා බලන්න තමයි ගොනෝ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් තියෙන්නේ.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 84 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 358 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 371 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site