IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි

(යොහාන් භාසුර)

ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

චන්ද්‍රමාලී මහත්මිය අභාවප්‍රාප්ත වන විට 61 වැනි වියේ පසුවූ අතර ඇය පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීහු පවසති.

ටෙලිනාට්‍ය විශාල සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති සුසන්තා  චන්ද්‍රමාලි මහත්මිය කන්දෙ ගෙදර, චාරුලතා, සුජාතා, වනවදුලේ වසන්තය, ගංගා සහ නිස්සංක, දෙවිනුවර මැණිකේ, මනෝකාය සහ ගිරිකුල ආදී ටෙලිනාට්‍යවලදී කැපී පෙ⁣ණෙන රංගන කෞශල්‍යයක් ප්‍රදර්ශනය කළාය.

චිත්‍රපට රැසකටද රංගනයෙන් දායක වී ඇති චන්ද්‍රමාලී මහත්මිය සරෝජා, රන්කෙවිට, වීරවර්ණ, වන්ෂොට්, උඩුගං යාමය, ප්‍රවේගය සහ නිදහසේ පියා ඩීඑස් ආදී චිත්‍රපටවලදී කැපී පෙනුණාය.

ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනියක් වන තිසුරි යුවනිකා මහත්මිය සුසන්තා චන්ද්‍රමාලී මහත්මියගේ එකම දියණිය ද වන්නීය. 



අදහස් (5)

සුසන්තා චන්ද්‍රමාලි දිවි රඟමඩලට සමුදෙයි

රාජේශ් ඛන්නා Saturday, 01 March 2025 11:37 AM

යහපත් ආත්මයක් ලැබ අප අතරම ඉපදේවා...!

:       1       52

Jayasekara Saturday, 01 March 2025 12:01 PM

නිහතමානී කලාකාරිනියක්... ඔබට උතුම් නිර්වාණ සුවයම ලැබේවා..!

:       1       62

ගමේ එකාලා Saturday, 01 March 2025 04:31 PM

ඔබ තුමියට අමාමහ නිවන්සුව අත්වේවා .

:       1       31

බුද්දික Saturday, 01 March 2025 05:41 PM

මගේ මතකයට අනුව නම් ඇය මාතලේ බදුල්ලේ පැවැති යොවුන් කුමරිය තරගයක ජයග්‍රහණය ගෙන කලාවට සම්බන්ධ වුනේ. ඉතාම අහින්සක ගැමි සින්හවකින් මුව සරසාගෙන හිටිය නිහතමානී කෙනෙක්. සුබ ගමන් අක්කේ... නිවන් සුවය ලැබේවා !

:       0       44

jpc Monday, 03 March 2025 06:09 PM

නිවන් සුව අත්වේවා

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 123 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site