
(යොහාන් භාසුර)
වසරක පමණ කාලයක් තුළ උප දුම්රිය ස්ථාන තුනක් වසා දැමීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසීය.
පුත්තලම් මාර්ගයේ බංගදෙණිය සහ මුන්දල් දුම්රිය ස්ථාන අතර පිහිටි ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානයේ සේවය කල උප දුම්රිය ස්ථානාධිපතිවරයා සේවයෙන් ඉල්ලා අස්වීම මත එම දුම්රිය ස්ථානය අද (14) සිට තාවකාලිකව වසා දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් ඊට අමතරව මගී ජනතාව අධික ලෙස දුම්රිය භාවිතා කරන මුහුදුබඩ මාර්ගයේ ආඳදොල දුම්රිය ස්ථානය මාස 11 කට සහ අකුරළ දුම්රිය ස්ථානය මාස 9 කට පෙර වසා දැමූ බවත් ජයසේකර මහතා කීය.
මෙම දුම්රිය ස්ථාන වසා දැමීම මත එම දුම්රිය ස්ථානයෙන් මගී ජනතාව වෙත ප්‍රවේශපත් ලබා ගැනීම, වාර ප්‍රවේශපත් ලබා ගැනිම, දුම්රිය සම්බන්ධයෙන් තොරතුරු සහ දුම්රිය ප්‍රමාදය සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට නොහකිව ඇති බව කියන ජයසේකර මහතා දුම්රිය එම දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කරන අතර එහිදී දුම්රිය වෙත ගොඩවන මගීන් වෙනත් දුම්රිය ස්ථානයකදී ප්‍රවේශපත් ලබා ගත යුතු බවත් රාත්‍රී කාලයේ එම උප දුම්රිය ස්ථානවල විදුලි ආලෝකය නොමැති වීමේ දුෂ්කරතාවන්ට ද මගී ජනතාවට විඳීමට සිදුව ඇති බවත් ඒ මහතා පැවසීය.
මෙම දුම්රිය ස්ථාන වසා දැමීම හරහා එම ස්ථානවලින් සේවය ලබා ගත් ජනතාවට දැඩි අපහාසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර මේ උප දුම්රිය ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරු යොදවා එම උප දුම්රිය ස්ථාන විවෘත කර සේවය සැපයීමට නීත්‍යනුකූල ක්‍රමවේදක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බව කියන ඒ මහතා පැවසුවේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි සමස්ත දුම්රිය සේවකයන්ගේ අතිකාල ගෙවීම් කප්පාදුවට ලක්කිරීමට කටයුතු සැලසුම් කිරීම මත එසේ එම දුම්රිය ස්ථාන සඳහා සහන දුම්රිය ස්ථානාධිපතිවරු යෙදවීමට නොහැකිවී ඇති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd