(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු සහ දෙවන අදියරට අදාළ ප්‍රතිලාභී පවුල් සඳහා වන දීමනා අද (15) බැංකු ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

පළමු අදියර යටතේ රුපියල් කෝටි 935.73ක් ද දෙවෙනි අදියරේ පවුල් සඳහා රුපියල් කෝටි 246.825 ක් ද බැංකු ගත කිරීමට නියමිත බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අතිරේක කොමසාරිස් රිෂාන් ධර්මසේන මහතා පවසයි.