(පුෂ්ප කුමාර මල්ලවආරච්චි)

ජන සෙත පෙරමුණේ නායක  බත්තරමුල්ලේ සීලරතන හිමියන් මැර ප්‍රහාරයකට ලක්ව ගම්පහ  රෝහලට ඇතුළත් කර ඇතැයි වීරගුල පොලිසිය කියයි.

ආදාහන පූජෝත්සවයක සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විහාරස්ථානයේ පැවැති රැස්වීමක් අතරතුර  මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ​

සිද්ධියෙන් තුවාල ලැබූ සීලරතන හිමියෝ ගම්පහ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේ මේ වන විට එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

​ප්‍රහාරයෙන් අනතුරුව ඊට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි වීරගුල පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරයට මුල් වූ නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වීරගුල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.