(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරියආරච්චි)
රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකුගෙන් කෝටි හතරක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එයින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන කාන්තාවක ඇතුළු සිවුදෙනකු කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී වැටලීමක් කර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගැනුණු කාන්තාව කඩවත ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර අනෙක් තිදෙනා දෙමඩගොඩ කොළඹ 12 විල්සන් මාවතේ සහ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
රහස් පොලිස් නිලධාරිනියක සහ නිලධාරින් ලෙස පෙනී සිටි සිවු දෙනකු මීට දින කිහිපයකට ඉහතදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසක තිබූ එක්කෝටි විසි ලක්ෂයක මුදලක් සහ ඇමෙරිකන් ඩොලර් 3500ක් නීති විරෝධී ලෙස උපයා ගත් බව කියමින් ඔවුන්ගේ බාරයට ගෙන රැගෙන ගොස් ඇත.
මීට අමතරව එම නිවෙසේ සිටි ඉන්දියන් ජාතිකයකු සතු විදෙස් ගමන් බලපත්‍රය ද රහස් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටි මෙම අය විසින් රැගෙන ගොස් ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවැසීය.
ඊට විරුද්ධව ක්‍රියාමාර්ග නොගෙන උදව් කිරීම සඳහා රුපියල් කෝටි හතරක අල්ලස් මුදලක් පැමිණිලිකරුගෙන් ඉල්ලා ඇත.
එම මුදල කෝටි තුනහමාරක් දක්වා අඩු කරගෙන එම මුදලින් රුපියල් කෝටියක මුදලක් කොල්ලුපිටිය ප්‍රදේශයේ බැංකුවක් අසලදී එම ව්‍යාපාරිකයාගෙන් ලබාගත් බව කියන අවස්ථාවේ වැටලීමක් සිදු කර මෙම සිව් දෙනා අත්අඩංගුවට ගත් බව කොමිසම පවසයි.
අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් ක්‍රියාකාරී අයි.එස් ත්‍රස්තවාදීන් සිව් දෙනා මීගමුව සහ කොළඹ ප්‍රදේශවල පදිංචි ශ්‍රී ලාංකිකයන් බ
කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේ දී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි පුනරීන්
නියමිත කාලයේ නොපවත්වා කල් දමා ඇති පළාත් පාලනය මැතිවරණය වහාම පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ හා සංවිධාන ගොනු කර ඇති මුලික අ
සමගි ජන බලවේගයේ මුල්කිරිගල ආසන සංවිධායක නිමල් ෆ්‍රැන්සිස්කෝ මහතා ඊයේ (21) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.
ගංවතුර නිසා වසා දැමුණ පුත්තලම දිස්ත්‍රික්යෙ පාසල් ගංවතුර අවදානම පහව ගොස් ඇත්නම් පමණක් පවත්වන ලෙස වයඹ පළාත් ප්‍රධාන ලේකම් දිපිකා ගුණරත්න මහත්මිය පුත්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීඅයිඩී වෙසින් කෝටි හතරක කප්පම් ඉල්ලලා