IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සී අයි ඩී ය නැහැයි කියු අතුල අධිකරණයෙන්ම මතුවෙයි

 (අධිකරණ උපාලි ආනන්ද)

වෙසක් පොහොයදා ජනපති පොදු සමාව  ලැබී ඇති බව පවසමින් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා නිකුත් කළ බව කියන  ලේඛනයට අනුව අනුරාධපුර මහාධිකණයේ පැවති නඩුවකින්  නිදහස්ව ගොස් ඇති බව කියන ,අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තුව මගින් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින සිටින ඩබ් .එම් අතුල තිලකරත්න නැමති විත්තිකරු  ඔහුට එරෙහිව පවතින වෙනත් නඩුවක් සඳහා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත්  අධිකරණයේ  අද පෙනී සිටියේය.

ඔහු එම නඩුව අවසන් වීමෙන් පසුව අනුරාධපුර මහාධිකරණයේ තමාට එරෙහිව පැවති එච්සී/69/2108 අංක දරණ නඩුවෙන් ජනපති පොදු සමාව යටතේ බව කියමින් නිදහස් වී යාමට අදාළ ලිපිය නිකුත් කිරීමේ සිද්ධියකට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පවතින නඩුව කැඳවූ අවස්ථාවේ එය දැක බලා ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විවෘත අධිකරණ ශාලාවට පැමිණ සිටියේය.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව පැවති නඩුව කැඳවූ අවස්ථාවේ සිය සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාත්න මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අරවින්ද හබක්කල මහතා කරුණු දක්වන අතරතුර විශේෂයෙන්  පවසා සිටියේ තම සේවාදායකයා වන අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න යන අය නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ නිත්‍යානූකූලව බවයි .

එය වඩාත් තහවුරු වන්නේ ප්‍රශ්න ගත විත්තිකාර අතුල තිලකරත්න යන අය මේ අවස්ථා මේ මෙම අධිකරණයේද පෙනී සිටින නිසා බව  නීතිඥවයා කීවේය.

 නීතිඥවරයා එලෙස පවසද්දි විත්තිකාර අතුල තිලකරත්න අපරාධ පරික්ෂණ දෙපර්තතමේන්තුවේ නිලධාරීන්ද සිටි විවෘත අධිකරණ  ශලාවේ  සිටිමින් අතක් ඔසවමින් තමා අධිකරණයේ සිටින බව මහේස්ත්‍රාත්වරයාට  දැන්වීය .

විත්තකාර අතුල තිලකරත්නගේ නීතිඥ සුරංග මොහොට්ටි මහතාද අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි තම සේවාදායකයා වන ඩබ් එම් අතුල තිලකරත්න ඔහුට එරෙහිව අති වෙනත් නඩුවකට පෙනී සිටීම සඳහා අද (11) දින අනුරාධුපර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි බවයි .

මේ මොහොතේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද ඔහු සිටින බව නීතිඥවරයා කියා සිටි නීතිඥවරයා සිය  සේවාදායකයා මෙලෙස ප්‍රසිද්ධියේ විවෘත අධිකරණයේ පෙනී සිටින්නේ ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණයේ පැවති  එච්සී /69/2018 අංක දරණ නඩුවෙන් නිත්‍යානුකූලව නිදහස්ව සිටින නිසා බවද ප්‍රකාශ කළේය.

විත්තිකාර ඩබ් එටම් අතුල තිලකරත්න  අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවේ  නිළධාරීන් කන්ඩායමක් අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුවට පෙනී සිටීම සඳහා එම අවස්ථාවේ පැමිණ විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ නඩුව අවසන් වීමෙන් අනතුරුව විත්තිකාර ඩබ් එම් අතුල තිලකරත්න තම මිතුරන් සමඟ අධිකරණ භූමියේ කතා බස් කරමින් සිට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තුවේ නිළධාරීන් අසලින්ම  අධිකරණ භූමියෙන් පිටව ගියේය  .



අදහස් (1)

සී අයි ඩී ය නැහැයි කියු අතුල අධිකරණයෙන්ම මතුවෙයි

fairoosmr Thursday, 12 June 2025 12:15 PM

මාර වැඩක්නේ

:       2       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site