IMG-LOGO

සිසුවා වැවට බිලි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රාදේශයෙ පාසල් සිසුවකු වේලාසිය ගැමුණු වැවේ දිය නෑමට ගොස්  දියෙ ගිලි මරණයට පත්ව ඇති බව මදුරන්කුලිය පොලිසිය කියයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කරිකට්ටිය ප්‍රදේශයෙ පදිංචි පුත්තලම ආනන්ද ජාතික පාසලේ  සිසුවකු හා පාසලේ 13 පහල ක්‍රීකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන ඉදුවර සුදම්මික නැමති සිසුවෙකි.

මෙම සිසුවා මදුරන්කුලිය ප්‍රදේශයෙ ඥාති නිවසකට ගොස් වේලාසිය ගැමුණු වැවට දිය නෑමට ගොස් වැවේ පඩිපෙල දිගේ ජලයට බැස යමින් සිටියදි ලිස්සා ගොස් ගැඹුරට ඇදි ගිය බව කියයි.

දරුවා දියේ ගිලි ජලයෙ ගැඹුරට ඇදි යනු දුටු ඔහුගේ නැන්දනිය ජලයට පැන දරුවා බේරා ගැනිමට කටයුතු කර ඇතත් ඇය ද පිහිනිමට නොදන්නා නිසා ගිලි ඇති බව කියයි.

නැන්දනිය හා දරුවා ජලයෙ ගිලි යන අවස්ථාවේ එම ස්ථානයෙ සිටි පිරිස් කෑ ගසා  ඇති අතර ඒ ආසන්නයෙ සිටි පිරිස් කඩිනමින් දිව විත් දරුවා හා නැන්දනිය බේරා ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

නමුත් දරුවා බේරා ගැනිමට නොහැකි වි තිබු අතර නැන්දනිය දැඩි අසාධ්‍ය තත්වයෙන් පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව කියයි.

 



අදහස් (0)

සිසුවා වැවට බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site