
හොරණ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වාගෙන යන හිමිකරුවකු, සිසුන්ට කාලයක් තිස්සේ අයිස් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15.250ක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන ජංගම දුරකථනයක්, එම දුරකථනයට අදාළ සිම්පතක් සහ මත්ද්‍රව්‍ය කිරා බැලීමට භාවිත කරන ඉලෙක්ට්‍රොනික තරාදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ නර්තනගල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හොරණ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු වන අතර, දෛනිකව සිසුන් දෙදහසකට අධික පිරිසක් අධ්‍යාපනය ලබන ප්‍රධාන පෙළේ උපකාරක පන්තියක හිමිකරු බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd