
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතට සහ සමථකරණ (සිවිල් සහ වාණිජ ආරවුල්) පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහතිකය සටහන් කළේය.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 2026 මැයි මස 19 වන දින පළමුවර කියවන ලද අතර 2026 ජුනි මස 23 වන දින සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.
මෙකි පනත මගින් සාම්ප්‍රදායික මූල්‍ය අංශ මෙන්ම වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ආර්ථිකය ද ඉලක්ක කර ගනිමින් ජාතික බදු රාමුව නවීකරණය කිරීමට අපේක්ෂා කෙරේ. නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම, බදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම සහ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා විකුණුම් පර්යන්ත යන්ත්‍ර (point-of-sale machines) භාවිත කිරීම අනිවාර්ය කිරීම මෙම පනත මගින් හඳුන්වා දෙන ප්‍රතිපාදන අතර වේ.
තව ද, බදු පැහැර හැරීම් සහ වංචනික ලෙස බදු ප්රතිලාභ ලබා ගැනීමට එරෙහිව පවතින දඬුවම් විධිවිධාන දැඩි කිරීම මගින් බදු අනුකූලතාවය සහ රාජ්‍ය මූල්‍ය අඛණ්ඩතාව ඉහළ නැංවීමට මෙම පනත මගින් යෝජනා කර ඇත.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත් ද්විත්වය පිළිවෙලින් 2026 අංක 13 දරන සමථකරණ (සිවිල් සහ වාණිජ ආරාවුල්) පනත සහ 2026 අංක 14 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ලෙස බලාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd