( රංජිත් රාජපක්ෂ )              

හැටන් සිංගිමලේ රක්ෂිතයේ කදු මුදුනේ අතරමංව සිටි නෙදර්ලන්ත තරුණියක් හැටන් පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්තද සිල්වා මහතා ඇතුලු එම අංශයේ පොලිස් නිළධරින් පිරිසක් එම තරුණිය නිරුපද්‍රිතව බේරා ගැනිමට සමත් වි ඇත.

නෙදර්ලන්තයේ ඇමසඩෑම් ප්‍රදේශයේ පදිංචි ලූනා ටූගට් නැමති 20 හැවිරිදි තරුණිය විශ්ව විද්‍යාල සිසුවියක් බවත්, එම සිසුවිය එම විශ්ව විද්‍යාලයේම තවත් සිසුන් පිරිසක් සමග මෙරටට පැමිණ රුහුණු විශ්ව විද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපනය බලමින් සිටින අතරතුර ඇගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඉකුත් (05) දින හැටන් පොන්නගර් වීදියේ තිබෙද රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයකට පැමිණ නවාතැන්ගෙන සිංගිමලේ කදු මුදුන පෙනෙන එම කාර්යාලයේ සිට කන්ද තරනය කිරිමට ගොස් ඇත.

එම තරුණිය අධ්‍යන පර්යේෂණ කටයුත්තක් සදහා හැටන් නගරයට පැමිණ සිටියදි මෙම අනතුරට මුහුණ දි ඇත.

එම තරුණිය ඊයෙ (06) දින උදෑසන සිංගිමලේ කදු මුදුන නැරඹීමට යන බව පවසා සිංගිමලේ රක්ෂිතය තුලට ගොස් ආපසු ඒමට පාර සොයා ගත නොහැකි වීම නිසා එම තරුණිය පාර සොයා ගැනීම සදහා කදු මුදුනට ගොස් ඇති අතර, තමන්ට ආපසු පහළට ඒමට පාර සොයා ගත නොහැකිව පසුව ඇය හැටන් නගරයේ පිහිටි රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ ඇය භාරව සිටින නිළධාරින්ට ඒ බව පවසා ඇත.