(පද්මසිරි ගාර්දියවසම්)

මත්තල පොලිසියෙන් අත්අඩංගුවට ගත්  සැකකරුවෙකු ත්‍රිරෝද රථයකින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය රැගෙන යමින් සිටියදී සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මාර්ගයේ අයිනේ තිබූ ඉඹුල් ගසක්  ත්‍රිරෝද රථය මතට කඩා වැටී ඇතැයි පොලිසිය පැවසීය .

ගස කඩා වැටීමෙන් ත්‍රිරෝද රථයට හානි සිදුවී ඇත.

රථයේ ගංජා ළඟ තබාගැනීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් සැකකරු , ත්‍රිරෝද රථයේ රියදුරු ලෙස කටයුතු කල පොලිස් කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයකු සහ සිවිල් ආරක්ෂක නිළධාරියකු ගමන් කර ඇතැයි පොලිසිය පැවසීය . ගස කඩා වැටීමෙන් ත්‍රිරෝද රථය තුල සිටි කිසිවකුට හෝ තුවාල සිදුවී නැත.