
(ඉන්දික අරණ කුමාර)
‘‘ඒහිපස්සිකෝ‘‘ ලෝක සාම පාගමන අද දහවල් වන විට නාවුල ගොබැල්ල ප්‍රදේශයට ළඟා වූහ.
ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ වියට්නාමයේ පඤ්ඤාසාර නාහිමි පුමුඛ දෙස් විදෙස් භික්ෂූන්වහන්සේ මෙම පා ගමනට එක්ව සිටිති.
අද පෙරවරුවේ දඹුල්ලේ ආරම්භ වූ මෙම පාගමනට සහභාගීවන භික්ෂූන්වහන්සේලාට මෙන්ම සැදැහවතුන් ට මඟ දෙපස ටි ගිලන් පස පූජාකිරීමට සැදැහැවතුන් විශාල පිරිසක් මඟ දෙපස සූදානම් කර තිබුණි.
සාම පාගමනට එක්ව සිටින භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පන්නාපිටිය මහා විද්‍යාලයේදී නාවික හමුදාව විසින් සුදානම් කර තිබුණි.
පාගමන වඩි භික්ෂූන් වහන්සේලාට ගමන් පහසුව තකා පිරිස් ගමන් මග පිරිසිදු ජලය ඉසින අතර ඇතැම් ප්‍රදේශවල දී වඩින මගට කෙසෙල් කොළ අතුරා තැබීම එම භික්ෂූන්වහන්සේලට විශාල අස්වැස්ල්ලක් විය.
මෙ පාගමනට එක්ව සිටින ‘‘අලෝකා‘‘ සරතලා ද දඹුල්ලෙන් ආරම්භ වෙද්දි පාගමනට එක්ව සිටියද දැඩි අවු රශ්මිකය නිසා ආලෝකා වාහනයට නංවා ගත්තේය.
පාගමන සහභාගීවන භික්ෂූන් වහන්සේලා අද මතලේ අලුවිහාරයේ රාත්‍රිය ගත කරන අතර හෙට දින යළි ගමන් ආරම්භ කිරීමට නියමිතය.














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ තමයි ලංකාවේ මිනිස්සුන්ගෙ හැටි. කකුල් පිච්චෙයි කියලා කෙසෙල් කොළත් අතුරල. පොඩි දෙයක් එත් අරමුණම කොච්චර සුන්දරද?