IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි

(එච්. චන්දන )

ඉගිනිමිටිය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලයට අනියුක්තව සේවය කළ සැළසුම් ශිල්පියෙක් ඉගිනිමිටිය ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බව නවගත්තේගම පොලීසිය  පවසයි.

දියේ ගිලී අතුරුදහන්වී ඇත්තේ ඔහු කුරුණෑගල - දෙමටගහ පැළැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවු ඩී.පී. සමීර සදරුවන් ප්‍රේමසිරි (29) නම් අයෙකි. ඊයේ( 10 )  සවස මෙම අතුරුදහන්වීම සිදුවී ඇති බව පොලීසිය කියයි.

ඉගිනිමිටිය ඉංජිනේරු කාර්යාලයේ ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු අයි.එම්.එස්.පී.සුමනදාස යන අය විසින් පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබේ.

මෙම සැළසුම් ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමක් ඊයේ (10)  සවස ඉගිනිමිටිය වැව් තාවුල්ලේ අනවසරයෙන් සිදු කරන වගා කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගිය බවත්,එම අවස්ථාවේදී කුමන හෝ හේතුවක් නිසා මෙම සැළසුම් ශිල්පියා ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇති බවටත් වාරි මාර්ග ඉංජිනේරුවරයා පොලීසිය හමුවේ වැඩිදුරටත් සදහන් කර ඇත.

ප්‍රදේශයේ ධීවරයින් විසින් අතුරුදහන්වූ සැළසුම් ශිල්පියා සොයා මෙහෙයුමක් ආරම්භ කළ නමුත් සිරුර සොයා ගැනීමට හැකිවී නැත.

වැව් තාවුල්ලේ සිදු කරන අනවසර වගාවන් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අයෙකු ජලාශයේ ගිලී අතුරුදහන්වී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න සම්බන්ධයෙන්ද සොයා බලන බව නවගත්තේගම පොලීසිය කියයි.

 

 



අදහස් (2)

සැළසුම් ශිල්පියා ඉඟිනිමිටිය ජලාශයේ සැඟවෙයි

Pagaa Maruwo Wednesday, 11 October 2023 01:31 PM

නිවන් සුව... කොළඹ නගර සභාවේ ඉන්න බොහෝ ඉන්ජිනේරුවෝ කියාගන්න ඈයෝ, ටී.ඕ ලා සහ සැලසුම්ශිල්පියො කරන කූට කටයුතු අත්විඳින සියල්ලන් ඔවුන්ට බොහෝ විට හිතින් නිවන් සුව පතනවා...!

:       0       2

Sampath Wednesday, 11 October 2023 05:34 PM

මේ මනුස්සයා තනිවමද යවලා තියෙන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site