( රොමේෂ් මධුෂංක)

වායුගොලයේ පවත්තනා අඩුපීඩන තත්වය හේතුවෙන් දිවයිනට මායිම්ව පවත්නා සුලිකුණාටු අවදානමත් සමග උතුරු පලාතේ මුහුද රලු වීමෙන් උතුරේ ධීවරයින් ධීවර කටයුතු වලින් ඉවත්ව ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගිද මේ බව දැනුම් දී ඇති හෙයින් උතුරේ ධීවරයින් බහුදින ධීවර කටයුතු මෙන්ම දෛනික ධීවර කටයුතුද නවතා දැමීමට තීරණය කොට ඇත.

සුලි කුණාටු තත්වයේ වැඩිම අවධානමක් පවතින මන්නාරම, යාපනය සහ මුලතිව් ප්‍රදේශවල බහුදින යාත්‍රා මෙන්ම බෝට්ටු සිය ධීවර ජැටි වෙතට රැගෙනවිත ආරක්ෂිතව ගාල් කිරීමටද පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් පවතින කුණාටු සහති අයහපත් කාලගුණය පහව යනතුරු ධීවර කටයුතු වලින් වැලකී සිටින බවටද උතුරේ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටියහ.