IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සහල් වර්ග කිහිපයක හිඟයක්

(අමිල චින්තක ගමගේ)

මහා පරිමාණයේ හාල් මෝල් හිමියන් කුමක් පැවසුවද නාඩු ඇතුළු සමහර හාල් වර්ගවල හිගයක් පවතින බව පිටකොටුවේ තොග සහල් වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

සහල්, බිත්තර, පොල් ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් සොයා බැලීම සදහා පිටකොටුවේ කළ සංචාරයේදී වෙළෙන්දෝ එසේ ප්‍රකාශ කළහ.

සමහර මහා පරිමාණ හාල් වෙළෙන්දන් ජනාධිපතිවරයා හමුවට ගොස් හා ජනමාධ්‍ය ඉදිරියේ කියන කතා මහාපොළොවේ යථාර්ථයක් කිරීමට එම මහා පරිමාණ සහල් වෙළෙන්දන්ට  අවශ්‍යතාවයක් ඇතැයි නොපෙනෙන බවද එම වෙළෙන්දෝ ප්‍රකාශ කළහ.

එම වෙළෙන්දන්ට සැබෑ උවමනාවක් තිබේ නම් සහල් වල කිසිදු හිගයක් ඇති නොවී ජනතාවට පීඩාකාරී නොවන ආකාරයෙන් මිල පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබෙන බවද ඔවුහු පැවසූහ .තමන් තොග වෙළෙදාම සිදු කරන්නේ ඉතාම සුළු ලාභයක් තබාගෙන බවත් තමන්ගේ අපේක්ෂාවත් සහන මිලකට සහල් පාරීභෝගිකයාට ලබා දීම බවත් එම වෙළෙන්දෝ කීහ.

අප තොග වෙළෙද සැල් එකින් එක  කරා ගොස් සොයා බැලීමේදී දැක ගත හැකි වූයේ රතු කැකුළු 205 සිට 210 දක්වාත්,සුදු කැකුළු 207 සිට 210 දක්වාත්,සම්බා 226 සිට 230 දක්වාත්,කීරී සම්බා 240 සිට 250 දක්වාත්,රතු හා සුදු නාඩු 220 යන මිල ගණන් වලට අලෙව් වන බවයි.බොහෝ වෙළෙද සැල්වල නාඩු සහල් දක්නට නොලැබුණු අතර සමහර වෙළෙන්දන් ප්‍රකාශ කළේ නාඩු තිබෙන සුළු ප්‍රමාණය කලින් ඉතිරි වී තිබූ තොග බවයි.

මෙහිදී බිත්තර තොග වෙළෙදාම පිළිබඳ සොයා බැලීමේදී සුදු බිත්තරයක් 35 ටත් රතු බිත්තරයක් 41 ටත් අලෙවිවනු දකින්නට ලැබිණි.පොල් මිල පිළිබදව සොයා බැලීමේදී පොල් ගෙඩියක් 140 සිට 150 දක්වා  මිලකට අලෙවි වනු දකින්නට ලැබිණි.

සෙසු ආහාර ද්‍රව්‍ය පිළිබද සොයා බැලීමේදී ඉන්දියන් ලුණු කිලෝ එකක් 270 ටත්,ඉරාන ලොකු ලූණු කිලෝ එකක් 190 මිලටත්,චීන සුදු ලූණු කිලෝ එකක් 470 ටත් මිරිස් කිලෝ එකක් 800ටත්, පරිප්පු කිලෝ එකක් 275ටත්, ලංකා සැමන් එකක් 350ටත්, චීන සැමන් එකක් 390ටත් අලෙවිවනු දකින්නට හැකිවිය.

පිටකොටුවේ තොග වෙළෙදසැල්වල පාකිස්තාන අල කිලෝ එකක් 165 ටත්,ඉන්දියන් රතු ලූණු කිලෝ එකක් 370-400 අතර මිලකටද,හාල් මැස්සන් කිලෝ එකක් 900 කටද,කට්ටා කරවල කිලෝ එකක් 1200 කටද,බලයා කිලෝ එකක් 800-1000 අතර මිලකටද ලින්නෝ කිලෝ එකක් 750 කටද,මෝරා කිලෝ එකක් 1900 කටද,මූදූ කුකුළා කිලෝ එකක් 700 කටද,කීරමින් කිලෝ එකක් 1000-800 අතර මිලකටද ඉස්සෝ කිලෝ එකක් 1650 කටද අලෙවි වීම සිදුවනු දැකගත හැකිවිය.

මෙහිදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල තත්ත්වය එසේ වුවත් එළවළු මිලේ තරමක අඩුවීමක් පිටකොටුවේ දක්නට ලැබිණි .



අදහස් (2)

සහල් වර්ග කිහිපයක හිඟයක්

යෝගා Wednesday, 23 October 2024 05:54 PM

ඩඩ්ලි මාලිමාවට වියදම් කරපුවා හොයාගන්නේ මෙන්න මෙහෙමයි..!

:       11       9

saranga Thursday, 24 October 2024 07:02 AM

කවුරු මොන වැල්බයිලා කීවත් මුදල ඕනෑම සමාජයක බලවත් බවට මීට වඩා සාක්ෂි කුමටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 30 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 708 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site