
(අංජුල මහික වීරරත්න)
සහල් මිල සම්බන්ධ ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ වී අලෙවි මණ්ඩලයට අද උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා සහ කෘෂිකර්ම, වෙළෙඳ අමත්‍යාංශවල සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරී අතර ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
සහල් මිල සහ ඒ සම්බන්ධයෙන් පවතින වර්තමාන තත්ත්වයන් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
අග්‍රමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා, සමූපකාර සංවර්ධන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන්, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් වැඩ කෝටියයි...!
හෙට ඉඳලා වී වපුරන්න. සතියකින් සහල් මිල අඩුවෙයි..
දැන් මාලිමාවෙන් හොයාගන්න පුළුවන්, ලාබෙට හාල් ගන්න පුළුවන් තැන් ! කෝ අපේ ගොවි පුතාලා ටික ? අනුරාධපුරේ වසන්ත කොලුවයි , ලාල් කාන්ත කොලුවයි, කුරුණෑගල නාමල් කරුණාරත්න කොලුවයි? ඔවුන් ඉන්න තැන් හොයාගන්නත් මාලිමාවක් ඕනේ...!
ඔය වී අලෙවි මණ්ඩලේ ඉන්න ලොකු කුඩා නිලධාරීන් බොහෝමයක් පොදු පෙරමුණු රජයේ ගොට්ටෝ, එහෙම නැතිනම් මිත්‍රපාල, ලංකේශ්වර, සිරිපාල ගම්ලත් සහ ඩඩ්ලි සිරිසේනගෙන් වැටුප් ලබන පුද්ගලයෝ, ඔය ගොල්ලන් සමග මේ ප්‍රශ්න විසඳන්න බැහැ.., පිටරටින් සහල් ගෙන්වලා වෙළඳපලේ සහල් මිල අඩු කරන එක ක්ෂණිකව කරන්න ඕනේ.., ඉන්පසු කළයුත්තේ දීර්ඝ කාලීන සැලැස්මක් අනුව කුඩා පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කරන ගමන් වී අලෙවි මණ්ඩලේ සිටින බහිරවයින් ටික එලවලා ඒක ක්‍රමයෙන් හරි මගකට ගෙනඑන එක, නොකළ යුතු එකම දෙය මිත්‍රපාලගේ, සිරිපාලගේ සහ ඩඩ්ලිගේ උපදෙස් අනුව කටයුතු කරන එක, ඩඩ්ලිව සත 5කට ගණන් ගන්න අවශ්‍ය නැහැ. ජනතාව ආණ්ඩුව සමග ඉන්න තාක් ඩඩ්ලිට බැහැ ආණ්ඩුවට පාඩම් උගන්වන්න...
ඔව් ඔව් කලින් හිටපු අයත් ඔහොම මාධ්‍ය සංදර්ශන තිය තියා උපදෙස් දුන්නා. තාමත් පරණ තැටියම දදා ඉන්නවා. සමහර විට උතුර, දකුණ මාරුවෙලා දැන් ඉන්නේ තමන්ගේම ආන්ඩුවක් කියන එක අමතක වෙලාද කොහේද? ඔන්න දැන් නොවැම්බර් 14 වෙනකම්ම පරණ තැටිය දානවා 14 වෙනිදා බලය ඉල්ලනවා...!
සහල් මිල පාලනය සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති අනුර කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට හා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා කිව්වාම ලොකුම අඩපාඩුවක් තියෙනවා. වත්මන් ජනාධිපතිතුමා අනෙක් ජනාධිපතිතුමාලා වගේ ශ්‍ර්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති නොකියා දැන්වීම් වල ලියන්නේ ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති කියලා නිසා ඔහු රටේම ජනාධිපතිද කියලා සැකයක් ඇතිවෙනවා...
දින 30න් හාල් ගන්න පුලුවන් වී ප්‍රභේදයක් තියනවා නම් මාලිමාව ඒකත් කරයි. විහිළු කමෙන්ට් දාන අය ස්වයං වින්දනයක් ගන්න. ලබන වසරේදී මේ ප්‍රශ්නය විසඳනවා. මේක හැම අවුරුද්දේම තිබ්බ ගැටළුවක්. සහල්, බිත්තර, පොල් විතරක් නෙමෙයි. අමුමිරිසුත් දෙසැම්බර් වෙද්දී ගණන් යනවා. ඒ වුණාට අවුරුදු ගාණක් පාලනය කරපු අයට ඒවාට විසඳුමක් තිබුණේ නෑ. ඒ පාලකයින්ට කඩේ ගිය වහල්ලු දැන් හාල් මිල ගැන කියව කියවා සිඟිති ආතල් ගන්නවා. මේ ප්‍රශ්නය අවම 50%කින් ලබන වසරේදි මාලිමාව විසඳනවා. වසර පහ යද්දී හිනාවෙන අය දුක්වෙයි තමන් හිනාවුණේ තමන්ට හොඳක් කරන මිනිස්සුන්ට නේද කියලා. ලංකාවේ තරම් කුහක මිනිස්සු මම කිසිම රටක දැකලා නෑ...!
මීට වඩා පච කියන කෙනෙක් හම්බ වුනොත් අටපට්ටමට කියන්න ඕනෑ...
අදාළ පාර්ශ්ව ගෙන්නලා ඒ අයගේ වගකීම සහ අවබෝධය වැඩි කරලා ඔවුන් මගින්ම ප්‍රශ්නය විසඳීම ආරම්භ කොට තියෙනවා. කලින් හිටි ජනාධිපතිලාට ඔවැනි දෙයක් කරන්න බිම් මට්ටමේ දැනුමක් වත් උවමනාවක් වත් තිබුනේ නැහැ. සහල්වලට ඔය තත්ත්වය අත් වන්නේ පෙරකළ පව් නිසයි. ඒත් ජනපති ප්‍රශ්නය ගොඩින් බේරීමට සහල් පිටරටින් නොගෙන්වා විසඳීමට උත්සාහ කරනවා. රාජ්‍ය පාලනය, මාසයයි කියලා පැන යන්නේ නැහැ. ප්‍රශ්නය විසඳීමට කැපවීම විතරක්ම අගය කළ යුතුයි. වෙන අය කලේ කොමිස් එකකුත් ගහ ගෙන මොනවා හරි සහල් තොගයක් ආනයනය කිරීමයි.
පචබද්ද ගහන්නේ කවද්ද?
පළමුව කෘෂිකාර්මික කටයුතු සඳහා ඩීසල් අඩුමිලට දෙන්න ක්‍රමයක් හදන්න විශේෂයෙන්ම වී ගොවිතැනට... පොහොර, කෘමිනාශක, සහනදායි මිලකට දෙන්න. එමගින් නිශ්පාදන පිරිවැය අඩුකරන්න. පස්සේ අස්වැන්න අඩුමිලට ගන්න. රටේ සමූපකාර පද්ධතිය සවිමත් කරන්න වී අලෙවි මණ්ඩලය හරහා වී මිලට ගෙන සමූපකාර හරහා හොඳ ගුණාත්මක සහල් අඩු මිලකට විකුණන්න. ඊට අමතරව, වී වගා කළහැකි සෑම ඉඩමක්ම වගා කරන්න ඉඩම් අයිතිකරුවන් දිරිමත් කරන්න පොලඹවන්න නීති ගේන්න. එවිට හාල් මිල නිකම්ම අඩුවේවි...
මේක පරණ නාට්‍යත් බලලා එපා වෙලා ඉන්නේ.