(සුජිත් හේවාජුලිගේ සහ දඹුල්ලේ කාංචන කුමාර ආරියදාස)
දේශීය සහල් සඳහා රජය විසින් පනවනු ලැබූ පාලන මිලට (උපරිම සිල්ලර මිල) වඩා අඩු මිල ගණන් වලට සහල් වර්ග වෙළෙඳපොළේ අලෙවි කෙරෙන හෙයින් රජයේ එම පාලන මිල ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
වෙළෙඳපොළේ දේශීය සහල් සඳහා මෙම නව මිල පාලනය ඊයේ (2) සිට ක්‍රියාත්මක කෙරිණ.
නව පාලන මිල ගැසට් නිවේදනය අනුව නාඩු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 220කි.
එසේම සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක උපරිම සිල්ලර මිල කටද කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක උපරිම සිල්ලර මිලකටද අලෙවි කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
එහෙත් රජය විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ සඳහන් මිලට වඩා අඩු මිල ගණන්වලට දේශීය සහල් වර්ග තොග සහ සිල්ලර වෙළෙඳ සල්වල අලෙවි කෙරෙන හෙයින් රජයේ මෙම මිල පාලනය විහිළුවක් බව පාරිභෝගිකයෝ පවසති .
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සහල් වෙළෙඳසල් හිමියන් පවසන්නේ රජය වෙළඳපොළේ සහල් මිල පිළිබඳව සොයා බැලීමකින් තොරව පාලන මිල පිළිබඳ මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි පෙනී යන බවයි.
එසේ නැතිනම් ව්‍යාපාරික වුවමනාවන් ඉටු කිරීම සඳහා පාලන මිල මුවාවෙන් සහල් මිල තවදුරටත් වැඩි කිරීමට මේ ආකාරයට පියවර ගත්තාදැයි සැකයක් මතුවන බවද ඔවුහු සඳහන් කරති.
සාමාන්‍යයෙන් වෙළඳපොළේ නාඩු සහල් කිලෝවක් රුපියල් 190 සිට සිට රුපියල් 210 දක්වා මිල ගණන්වලට අලෙවි කෙරුණු අතර සම්බා කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 215 සිට 220 දක්වා වූ මිල ගණන්වලටය.
කීරි සම්බා කිලෝවක් රුපියල් 250කට පමණ අලෙවි කෙරිණ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සහල් ගැසට්ටුවෙන් පාරිභෝගිකයෝ අමාරුවේ
දිසා....ගම්පහ. Tuesday, 03 May 2022 05:00 PM
පාරිභෝගික සේවා අධිකාරියේ කාර්ය භාරය පාරිභෝගිකයා වෙනුවෙන්ද? නැත්නම් මහා පරිමාණ සහල්මෝල් හිමිකරුවන් සහ ව්‍යාපාරිකයින් වෙනුවෙන්ද? යන්න සොයා බැලිය යුතුයි. සහල් මිල ගණන් දරාගත නොහැකි මට්ටමකින් ඉහළ ගොස් තිබීම මත ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටින අවස්ථාවක පාරිභෝගික සේවා අධිකාරිය මෙන්ම අදාල අමාත්‍යවරයා සිහි බුද්ධියෙන් ක්‍රියා කළයුතු නොවේද?