(එෆ්.අස්ලම්)
තවුහීත් ජමාත් නායක සහරාන් හෂීම් හා එක්ව තමාට කැපුම් තුවාල කළ පුද්ගලයන් සිව්දෙනකුගෙන් දෙදෙනෙකු කාත්තන්කුඩි නගරයේ පසුගිය දිනවල නිදහසේ ගැවසෙමින් සිටි බවට ප්‍රහාරයෙන් බරපතල ලෙස තුවාල ලැබූ කාත්තන්කුඩියේ මුහම්මදු මුසාෆීර් නමැත්තා අවධාරණය කරයි.
තවුහීත් ජමාත් සංවිධානය, සිය ධර්මය වෙනුවෙන් මිනිසුන් මරා දැමීමේ ජිහාඩ් අරගලය ආරම්භ කරමින් 2017.03.10 දින කාත්තන්කුඩියේ ආලියා හන්දියේදී කළ පහරදීමෙන් මුසාෆීර් බරපතල ලෙස තුවාල ලැබුවේය.
ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් කාත්තන්කුඩි ආලියා මංසන්ධියේ දී මුස්ලිම්වරුන්ගේ රැස්වීමකට කඩු පොලු අතැතිව කඩා වැදී පහර දෙන වීඩියෝවක් භික්ෂූ සංවිධානයක හිමිනමක් විසින් පසුගියදා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලදි.
වසර දෙකකට ඉහතදී සිදුවූ මෙම පහරදීමෙන් කැපුම් තුවාල සහිතව දිව ගොස් දිවි බේරාගත් කාත්තාන්කුඩියේ පදිංචි මුහම්මදු මුසාෆීර් මෙලෙස අදහස් දක්වීය.
“නැගෙනහිර පළාතේ ජිහාඩ් අන්තවාදී සංකල්පය ව්‍යාප්ත කරන්න සහරාන් හෂීම් 2017 වසරේදී ලොකු උත්සහායක් ගෙන තිබුණා. මොහුට එරෙහිව ශ්‍රී ලංකාවේ සුන්නි මුස්ලිම්වරුන්ගෙන් ලොකු විරෝධයක් මතුවුණා.
ඒ ආකාරයෙන් 2017 වසරේ මාර්තු 10 වැනිදා කාත්තන්කුඩිය ආලියා මංසන්ධියේ සහරාන්ගේ අන්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සුන්නි මුස්ලිම්වරුන්ගෙන් යුත් සූෆි මුස්ලිම් සංවිධානය විරෝධතාවක් පවත්වමින් සිටියා. මමයි මගේ මස්සිනයි ඒ රැස්වීමට සහභාගී වුණා. ඒ වෙලාවේ තැඹිලි පාට කමිස ඇඳ, කඩු කිනිසි පොලු රැගෙන සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් පිරිසක් එම ස්ථානයට කඩා වැදුණා. මේ පුද්ගලයින් එතැන සිටි අයට පහරදෙන්න ගත්තා. මගේ මස්සිනාට මුලින්ම පහර දීල සහරාන් ඇතුළු සිව් දෙනෙක් මාව වටකරගත්තා.
අල්ලා දෙවියන්ගේ නාමයෙන් ජිහාඩ් සටන ඇරඹුවා කියලා කෑමොර දෙමින් අල්ලාහ් අක්බර් කියාගෙන සහරාන් ඔහු අතැති කඩුවෙන් මට පහරදීම ආරම්භ කළා.
සහරාන්ගේ මල්ලීත්, පසුගියදා සයින්දමරුදු නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවා ගනිමින් මරණයට පත් වෙච්ච රිල්වාන් සහ තවත් දෙදෙනකු වන නියාස් සහ අජුවත් කියන සිව්දෙනත් ජිහාඩ් දිනේවා කියාගෙන මට කඩුවලින් ගැහැව්වා. මට මුලින්ම කඩුවෙන් ගැහැව්වේ සහරාන්.
ඔහු ඉතා සිනාමුසුව තමයි මට කඩුවෙන් ගැහැව්වේ. ගොඩක් අමාරුවෙන් තමයි මම එතනින් බේරුණේ. මට එතනින් එහාට කිසිවක් මතක නෑ” යයිද මුහම්මදු මුසාෆීර් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රටේ නීති ක්‍රියාත්මක නොවන්නේ ? ඉස්බුල්ලා නිසාද ?
ඒ පාර සුන්නි කියලා කට්ටියකුත් ඉන්නවනේ..
වෙන්න බෑ. සහරාන් උගත් ළමයෙක්නේ... වෙනත් අන්තවාදීන් ටිකක් වෙන්න ඕනෑ ඕක කරන්න ඇත්තේ...
වෙන්නම බෑ. කඩු ගෙනාවේ තණකොළ කපන්නනේ...
හඳ පෙන්නුවා අැඟිල්ල දිහා නොබලා මෙයා කියන එක තේරුම් ගන්න.
දැන් තෙරෙනවා නේද? කඩු ගෙනාවේ මොකටද කියලා? නීතිය හරියට ක්‍රියාත්මක කරන්න... ඒ වගේම කඩු ගෙනත් තියෙන්නේ තණකොළ කපන්න වගේ දේවල් කියපු අයව ඒ තනතුරුවලින් අයින් කරන්න.. කිසිම වගකීමක් නැතිව ප්‍රකාශ නිකුත් කරන අයව ඒ තනතුරු වලින් අයින් කරන්න ඕනේ..
ඇත්තෙන්ම මේක මේ බේගල් ඇදබෑමක්. ඒ " හිවල්ලු " කඩු ගෙනාවේ තණකොළ කපන්නයි, තමන්ගේ ගෑනු ආරක්ෂා කරන්නයි කියල ඔය යසඅගේට " ඌරු ආත්ම ලබපු නරි " රැලක් පසුගිය දවසක ප්‍රසිද්ධියේම කිව්වේ. ඒ නිසා මේක පිලිගන්න බැහැ.
එදා පොලිසි ගියේ නැත්තේ මොකද ? කඩුවෙන් කපපු තුවාල වලට කවුද බෙහෙත් කලේ ?
ඉතා පුංචි රටක මෙවන් ත්‍රස්තවාදී ක්‍රියා නිතර පැමිණීම සහ ඔවුන්ගේ අතට ඉතා භයානක ආයුධ පැමිණීම මෙය රටේ ඒ ආයතනවල නිලධාරීන්ගේ අකටයුතුකම් නිසා පාලකයින්ට රට පාලනය කිරීමට නොහැකිවීම මගේ හැඟීමයි. එයට එකම පිළියම ඒ ක්‍රියාවන් වලට අනුබල උපකාර කළ (දැන නොදැන) අයවලුන්ට දැඩි දඩුවම් දීම, ඉතා යෝග්‍යයි. අනෙක රටේ මුහුදු තීරය වටා ළඟ ළඟ ආරක්ෂක වළල්ල (සියලු හමුදා " ආමි, නේවි, ගුවන්, මුහුදු ආරක්ෂණ, ග්‍රාම ආරක්ෂණ, සහ පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළුව ගමේ තරුණ සේවය) පාසල් කාලයෙන් පසු ගමේ නිතර නිදහසේ ගැවසෙන තරුණයින් ඇයි ඔවුන්ගේ සේවය ලබාගන්න බැරි? නායකයින්ට අති සුඛෝපභෝගී වාහන නිවාස නොව අපට අවශ්‍ය සේවයයි..
මේ අවස්ථාවේ පොලිසිය ක්‍රියාත්මක වුණා නම් තවත් ජීවිත සිය ගණනක් බේරගන්න තිබුණා. මොවුන් ආරක්ෂා කරන්න අණ දුන්නේ කවුද? පොලිසියේ ඉන්නේ දේශප්‍රේමීන් නම් දැන්වත් සත්‍ය හෙළි කළ යුතුයි.