(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට 2019 වසරේ එල්ල වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ ෂෙයික් හිදයතුල්ලා නම් අයි.එස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයකු අත් අඩංගුවට ගැනීමට ගැනීමට ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සමත්ව ඇත.
මෙම සැකකරු ඉකුත් ඔක්තෝබර් 23 වැනිදා කොයිම්බතූර් හි දේවාලය අසලදී මෝටර් රථයක් පුපුරවා ගත් සැකකරුවන් සමඟද සබඳතා පවත්වා ඇතැයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය චෝදනා කර තිබේ.
ෂෙයික් සමඟ ත්‍රස්තවාදී ක්‍රියා වලට සම්බන්ධ වූ බවට චෝදනා මත සනෝෆර් අලී නම් තවත් සැකකරුවකුද ජාතික විමර්ශන ඒජන්සිය අත් අඩංගුවට ගෙන ඇත.
ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය විසින් ෂෙයික් සහ සනෝෆර් තමිල්නාඩුවේදී අත් අඩංගුවට ගනු ලැබ ඇත.ෂෙයික් හිදයතුල්ලා, මවුලවි සහරාන් බින් හෂීම් සමඟ සබඳතා පවත්වා ඇතැයි මූලික විමර්ශන වලදී අනාවරණය වූ බව විමර්ශන ඒජන්සි නිලධාරියකු ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහරාන් සමඟ සබඳතා තිබූ අයි.එස් සාමාජිකයෙක් මාට්ටු
C.K.Lankaputhra Thursday, 29 December 2022 12:41 PM
එයාද මහ මොලකරු? අපි දන්නා විදියට නම් එයා නෙවෙයි. මේ වෙනකොට ඔප්පු වෙලත් හමාරයි. ඒ වුණාට මේ සිරිලංකාවනේ...
fairoos Thursday, 29 December 2022 01:15 PM
ළඟදීම ඡන්දයක් එයි වගේ...!