
(විමුක්ති එස් රුද්‍රිගු)
නොර්වේජියානු ලේඛකයෙකු වන ජෝන් ෆෝස් මෙවර 2023 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේය.ජෝන් ෆෝස් සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ හතරවෙනි නොර්වේජියානු ජාතිකයාද වේ.
ජෝන් ෆෝස් නවකතා, කෙටිකතා, ළමා පොත්, කවි සහ රචනා වලට අමතරව නාට්‍ය 40 ක පමණ තිර රචනාද ඔහු අතින් ලියවී ඇත.1959 වසරේ උපත ලද ජෝන් ෆෝස් 1983 වසරේ එළි දැක්වූ රෝඩ් ස්වාර්ට් නවකතාවෙන් සිය ලේඛක ජීවිතය ආරම්භ කර තිබේ.
සමාජයේ හඬක් නොනැගෙන කරුණු වෙනුවෙන් ඔහුගේ නිර්මාණ තුළින් හඬක් ලබා දීම වෙනුවෙන් ජෝන් ෆෝස්ට මෙවර නොබෙල් ත්‍යාගය හිමිවී ඇත.
පසුගිය 2022 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ප්‍රංශ ලේඛිකාවක් වූ ඇනී අර්නොක්ස් හිමිකර ගත්තාය.ඇය ග්‍රන්ථ 20 කට වැඩි ප්‍රමාණයක් රචනා කර ඇති දක්ෂ ලේඛිකාවක් වන අතර ඉන් බොහොමයක් ග්‍රන්ථ දශක ගණනක සිට පාසල් පෙළපොත් ලෙස ප්‍රංශය භාවිත කරනු ලබයි.ඇයගේ ග්‍රන්ථ නූතන ප්‍රංශ සමාජ ජීවිතය පිළිබඳ හොඳ වැටහීමක් පාඨකයාට ලබා දෙයි.
සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය 1901 වසරේ සිට මේ දක්වා කාලය තුළ 120 දෙනෙකුට පිරිනමා ඇති අතර ඉන් 17 දෙනෙකු කාන්තාවන්ය.එම 17 දෙනාගෙන් 6 දෙනෙකු අප්‍රිකාවේ උපත ලද ලේඛිකාවන්වේ.ඒ හේතුවෙන් නොබෙල් ඇකඩමිය සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය උතුරු ඇමෙරිකාවේ සහ යුරෝපයේ පිරිමි ලේඛකයන්ට වැඩි වශයෙන් පිරිනමන බවට ස්විඩිෂ් ඇකඩමියට විවේචන එල්ල වෙමින් පවතී.සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය මේ වන විට දේශපාලනීකරණය වී අවසන් බවට විද්වතුන් මේ වන විවේචන එල්ල කරමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
234
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට