(ඉන්දිකා රාමනායක)
තලේමන්නාරම පනන්කට්ටු බටහිර ප්‍රදේශයේ දී වෑන් රථයකින් ගොස් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා දීමට උත්සහ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අද (11) පස්වරුවේ තලේමන්නාරම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම වෑන් රථය තලේමන්නාරම ප්‍රදේශයේ රසකැවිලි ප්‍රවාහන කරන (ඩිලිවරි) වෙළෙඳ සැලකට අයත් වෑන් රථයක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මන්නාරම ප්‍රදේශයේ සිසුන්ට චොකලට් ලබා දී පැහැර ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ආන්දෝලනයක් හටගෙන ඇති අවස්ථාවක මෙම වෑන් රථයේ ගමන් ගත් තරුණයන් දෙදෙනා මාර්ගයේ ගමන් ගත් පාසල් සිසුවියන් තිදෙනකුට චොකලට් ලබා උත්සහ ගෙන ඇති බව පොලිසිය කියයි.
සිසුවියන් කෑගසා දිවගොස් ඇති බවත්, අවට සිටි පිරිසක් කළ දැනුම් දීමකට අනුව ආවේක්ෂණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සැකකරුවන් දෙදෙන එම ස්ථානයේ දීම අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට පොලිසියට කියයි... දන්නේ නැහැ.. ‘‘ අපි විහිළුවක් කළේ කියලා‘‘ චොකලට් දීමට උත්සාහ කිරීමට ‘‘දඬුවම් ලැබිය යුතු වරදක් කියලා නීතිපොතේ කොහේවත් ලියලා නැහැනේ...