(සුමිත් පොතුපිටිය )
පාසල් සිසුවියන් 16 දෙනෙකු පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අද (11) අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිව සිටී 30 හැව්රිදි පුද්ගලයෙකි.
සැකකරු පටිගත කල දර්ශන අනුව ලිංගික අතවර කිරීම් 16 ක් සම්බන්දයෙන් අනාවරණය වන බවත් ඒවා නිරීක්ෂණය කරමින් අගතියටපත් දැරියන් සොයා ඉදිරි විමර්ශන සිදුකරන බව කළුතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සදහන් කරයි.
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා එහි දැරියන්ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවද සදහන් වේ.
සැකකාර ගුරුවරයා අනියම් සම්බන්දතා පවත්වන බවට ඔහුගේ නීත්‍යානුකූල බිරිඳ කළුතර උතුර පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඇය සැකකරුගේ ලැප්ටොප් යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී දැරියන්ට අපයෝජනයට ලක්කරන වීඩියෝ දර්ශන ගබඩා කර ඇති බව නිරීක්ෂණයවී දෙමව්පියන් දැනුවත් කර ඇති බවත් ජේෂ්ඨ පොලිස් නිළධාරියෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුතර පැත්තේ අයට ලොකු ඔලුවේ ලෙඩක් තියෙනවද දන්නේ නැහැ.
මීට කලින් මේ වගේ දැරියක් අපයෝජනය කරපු තෝරු මෝරු ගොඩක් අහු වුනා. කළු කපුටෝයි, සුදු තොප්පි කාරයොයි එකතු වෙලා උන්ගේ තර්ක දාල කෙල්ලව තවත් දුෂණය කරලා තෝරු මෝරු ටික නිදහස් කළා. හිතල බලපල්ලා , මේ කළු කපුටෝ මේ රටට කරන විනාශය ?? හරි හැටි හිතල බැලුවොත් , ඕනෙම බලු වැඩක් කරලා, මදාවි වැඩක් කරලා, කුඩු විකුණලා, ගෙන්නලා ,දරුවන්ට පොවලා,දරුවෙක් ගණිකාවක් විදියට විකුණලා ,දරුවෙක් සමුහ දුෂණය කරලා , මරල දාල ඉවර වෙලා හොඳ කළු කපුටු රෑනක් අල්ලගත්තොත් උන් ගොඩ. වින්දිතය හිරේ මේ දරුවන් ට වත් සාධාරණයක් ඉෂ්ඨ වේවා !!
උපරිම දඬුවම් දෙන්න.
සූම් එකෙන් ඇඳුම් ගලවන්න කී පමාවට ඇඳුම් ගලවන හරි පුදුමයි කළුතර ගර්ල්ස්ලා...
ගණිත ගුරෙක් නිසා හරියටම කූරු ගනන් කරයි …..
අවුලක් වෙන එකක් නෑ. දවස් දෙකකින් ඇප මත එලියට. ටියුෂන් ගුරාලට සල්ලිත් අඩුවක් නෑනේ. ඊට පස්සේ නැවතත් පුරුදු සෙල්ලම. මේක ඉතිං ලංකාවනේ. සොරුන්ගේ අපරාධකරුවන්ගේ දේශය.