IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයේ

(පාලිත ආරියවංශ )

උපකාරක පන්ති යන බව පවසා  ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර  මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21)  උදේ හමු වි ඇතැයි පොලීසිය කියයි.

ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවද පොලීසිය කීවේය.

මෙම සිසුවියන් දෙදෙනා එකම  පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ.

එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු  පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇතැයි පොලිසිය  පවසයි.

මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව  පවසා  ඊයේ  (20) උදේ නිවෙස් වලින් පිටවී ගිය නමුත් යළි නිවසට නොපැමිණිම නිසා මව්පියන් බදුල්ල පොලිසියට  පැමිණිලිකර තිබිණි.

 

 



අදහස් (2)

සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයේ

anniyan Monday, 21 October 2024 12:17 PM

අපරාධ කරුවන්ට මරණ දඬුවම නැතිව රටක් හදන්න බෑ...

:       4       11

බකල ජයාMonday, 21 October 2024 03:28 PM

මරණ දඬුවම ක්‍රියාත්මක ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල, සමහර රටවලත් ලෝකයේ වැඩිම මිනීමැරුම් ප්‍රතිශත වාර්තා වෙනවා. [එල් සැල්වදෝර්, හොන්ඩ්යූරාස්, ඉරානය, නයිජීරියාව] සමහර මරණ දඬුවම ක්‍රියාත්මක නොවන රටවල මිනීමැරුම් ප්‍රතිශතය ලෝකේම අඩුම අගයක් ගන්න අවස්ථා ද ඇත [අයිස්ලන්තය, නෝර්වේ, නවසීලන්තය, පෘතුගාලය] ඒ කියන්නේ මරණ දඬුවම දුර්වල නිවර්තකයකි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site