(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක දී පාසල් සිසුවියකට අතවර කළේ යැයි කියන සංවර්ධන නිලධාරීයකු පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල, පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහක අයෙකි.
සැකකරු මාසයක් වයසැති දරුවෙක් සිටින පියෙකි.
ලිංගික අතවරයකට පත් වූ බව කියන සිසුවිය කොළඹට නුදුරු ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබනබව පොලීසිය කියයි.
මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන කාලකණ්ණිද මන් දන්නේ නෑ මේ... මේ අයට මාර අමාරුවක්නේ තියෙන්නේ.. ඕවට කරන්න ඕනේ රජකාලේ දඬුවම්. මෙහෙම හරියන්නේ නැහැ... මේ රටේ දඬුවම් මදි... ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ...
ලොකු ප්‍රහේලිකාවක්. පාසල් සිසුවියක් නම් දවල් හෝ රාත්‍රී 8ට පෙර විය යුතු, දුම්රියක් ඇතුලේ කොහොමද වුනේ... බලහත්කාරයෙන්ද? කැමැත්තෙන් වුණාද..? කෑ ගහලා උදව් ඉල්ලුවේ නැතිද?
තනතුර අනුව කරන්න රාජකාරි නැති නිසා මෙතෙක් ඔවුන් කරපු දෙයකුත් නැති නිසා ඔය සංවර්ධනය කරන්න බලන්න ඇති කලුබණ්ඩා මාමා නැත්නම් කලුමැණිකේ නැන්දා බෑනා බේරා ගන්නවා ශුවර් තමයි... කෝකිලගේ ප්‍රශ්න එයට ප්‍රමාණවත් වෙනවා...!
ගුවන්යානා තුළත් මෙය දිනපතාම වෙන දෙයක්... එකම වෙනස කාන්තාවයි පිරිමියාට අතවර කරන්නේ...