(අංජුල මහික වීරරත්න)
පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධියට සම්බන්ධ කලුතර නගර මධ්‍යයේ පිහිටි පස්මහල් හෝටලය නියමිත ප්‍රමිතියට ඉදිකළ එකක්දැයි සොයා නාගරික සංවර්ධන අධිකාරිය විමර්ශනයක් අරඹා තිබෙි.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා ඊට අදාළ නියෝගය නාගරික සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානීන්ට අද (11) නිකුත් කළේය. ඒ අනුව විමර්ශනයට සම්බන්ධ වාර්තාව හෙට (12) ඇතුළත තමන්ට ලබාදෙන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ.
අදාළ වාර්තාව ලැබුණු පසුව එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට යොමුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට බළාපොරොත්තු වන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.
යම් හෙයකින් අදාළ ගොඩනැඟිල්ල නිසි ප්‍රමිතියෙන් හා අනවසරයෙන් ඉදිකර ඇත්නම් ගොඩනැඟිල්ලේ හිමිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවද නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හොයලා බලන්න ඕක ඇතුලට යන අයගේ ඇඳුම් ගැලවෙනවද කියලා .මේ වගේ කරක්
මොකක් හරි සිදුවීමක් වුනාට පසුව ප්‍රමිතිය හොයන එතෙක් ජරාවට හෝ නිදාගෙන වගකීම පැහැරහැර සිටි අදාල ආයතන ප්‍රධානීන් සේවයෙන් පහකර දැමිය යුතු නොවේද?
පාසල් සිසුවියක් කියමින් පට්ට ගහන්න එපා. හරිහමන් පාසල් සිසුවියක් නම් දන්සල් කන්න යනවා කියා හෝටල්වල ගිහිල්ලා මත්පැන් පානය කරන්නේ නැහැ. ඇඟේ දත් පාරවල් තිබෙනවානම් ඉතිරිහරිය අපිට හිතා ගන්න පුළුවන්.
දැනුයි ප්‍රමිතිය හොයන්නේ. ඒ තරුණිය බිමට පැන්නේ නැතිනම් ප්‍රමිතිය හොයන්නේ නැහැ. ඔය හෝටලේට දෙස්පාලුවෙකුගේ සම්බන්දයක් තිබුනොත් නිකම්ම ප්‍රමිතිය හොඳවෙයි. අපි නොදන්නා සිරි ලංකාව.
අස්සයා පැනලා ගියාට පස්සෙ , ඉස්තාලේ වහන්න හදනවා... මුන්ට පිස්සු....
මරු මිනිහට වාර්තාව භාර දෙන්නේ .ගිය මාසෙත් මම දන්න කෙනෙකුගෙන් අරගෙන ආවා
දූෂිත ඇමතිවරයෙකුට කළ යුතු දේ... ඔහු දූෂිත නොවූවත්... ඔහුගේ කාර්යභාරය කුමක්ද?
අන්තිමේදී බදාම අනපු බාස් හිරේ යන පාටක් පේන්නෙ .....
හෝටල් හිමිකරුවාගෙන් කප්පමක් අරගෙන වැඩේ යට ගහයි.
UDA නේද ? ටී. ඕ ලා ඉන්නේ මේකේ නේද ? හ හා. හ හා.
ලොකු නින්දකට පස්සේ ඇහැරිලා වගෙයි
ප්‍රමිතියට හැදුවා නම් කෙල්ල මැරෙන්නේ නැහැ.