IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සිසුවිය අපයෝජනය කළ ළමෝ 6ක් පරිවාසෙට

(කේ බුද්ධික කුමාරසිරි)

පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම  බාල වයස්කාරියගේ පෙම්වතා බව කියන තරුණයකු ඇතුළු බාලවයස්කාර සැකකරුවන් හය දෙනෙකු  ලබන 11 වන දින තෙක් මාකොළ ළමා රැදවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටත් එක් සැකකරුවෙකු බන්ධනාගාර ගත කිරීමටත් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා අද (04) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලද වෛද්‍ය වාර්තා අනුව සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙක් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී හෝමාගම මූලස්ථාන පොලිසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත මානවඩු අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ ලිංගික අතවරයට ලක් වූ දැරිය තවමත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් නොවන බැවින් ලබන එකොළොස්වන දින දක්වා සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙසයි.



අදහස් (6)

සිසුවිය අපයෝජනය කළ ළමෝ 6ක් පරිවාසෙට

Neel Friday, 04 April 2025 04:29 PM

මේ කරලා තියෙන්නේ ලමයි කරන වැඩද .දෙමාපියන්ට මොන තරමි වේදනාවක්ද අගෞරවයක්ද ?....

:       0       0

හසංත Friday, 04 April 2025 05:04 PM

ඔය බන්ධනාගාරගත කරපු සැකකරුවා අනෙක් අය හොඳටම බලාගන්න ඕනෑ ඔන්න. අඩුපාඩුවක් වුනොත් අටපට්ටමට කියන්ට ඕනෑ..

:       1       35

ගුණරත්න Friday, 04 April 2025 06:49 PM

කවුශි නෝනා කිව්වේ නම් මේ සැකකාර ළමයි රිමාන්ඩ් කරන්න ඕනෑ සෙක්ස් ඔෆෙන්ඩ් ලිස්ට් එකට දාන්න ඕනේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ...?

:       24       2

කෞෂිSaturday, 05 April 2025 07:59 AM

අයියෝ ගුණේ! ඔයාලා රාජපක්ෂලාටම ගැලපෙන අර කට්ටිය. SO ලිස්ට් එකට දාන්නේ උසාවියේ ක්‍රියාමාර්ග වලට පස්සේ වැරැදිකාරයෙක් වුනොත්. ඒ අය කියන ඒවා වලින් විතරක් ඔලුව පුරවා ගන්නැතුව පොඩ්ඩක් ලෝකේ වෙන රටවල්වල මොනවාද වෙන්නේ කියලත් හොයලා බලන්න...

:       0       12

MD Saturday, 05 April 2025 10:53 AM

සමහර නඩුකාරවරු ලොකු ලොකු දේශනා දීලා සමහර දේශපාලඥයින්ට මෑතකදී නඩු තීන්දු නියෝගයන් ලබාදුන් බව අප දුටුවා. ඉතින් ඵ් වගේ දේශනා මේවාටත් ලබාදී බරපතල වැඩ සහිත හෝ මරණීය දණ්ඩනය පනවා බන්ධනාගාර ගතකරන්න...

:       0       11

fairoos Saturday, 05 April 2025 12:03 PM

එළියට නම් එවන්න එපා... මේ අය ලොකු වෙනකොට කොහොම හිටීද?

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 374 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 222 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site