(ඉන්දිකා රාමනායක)

පාසල් සිසුවෙක් මාර්ගයෙන් පාසල් සිසුන් ඉලක්ක කර අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කළ සිව්දෙනකු හොරණ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් හා මත්පෙති 120 ක් විශේෂ කාර්ය බලකාය පවසයි.

මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මිල්ලනිය හා පරගස්තොට යන ප්‍රදේශවලදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මාර්ගයෙන් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය  අලෙවි කරඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත

සැකකරුවන්  මල්ලනිය පොලිසිය වෙත බාර දී ඇත.