(කුරුණෑගල අධිකරණ වාර්තාකරු)
හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස අවුරුදු 18ට අඩු තවත් සැකකරුවන් 6 දෙනකු අප්‍රේල් 29 දක්වා ගම්පොල ළමා නිවාසයක් භාරයේ තැබීමටත් පිලැස්ස මහේස්ත්‍රා ඩබ්ලිව්.එම්.එස්.එල් දසනායක මහත්මිය අද නියෝග කළාය.
වෙලගෙදර පොලිස් වසමේ රිදීගම අංහංදිය ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පිරිමි ළමයකුට තවත් පිරිමි ළමුන් කිහිප දෙනකු එක්ව පසුගිය 16 වැනි දා අතින් පයින් හා හෙල්මට් එකකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණි.
සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ පිරිමි ළමයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ පෙරවරුවේ මිය ගියේය.
එලෙස මියගොස් ඇත්තේ සැකරලියා වත්ත, හැවන්පොළ ප්‍රදේශයේ පදිංචි ජෝශප් තිළිණ විරාජ් නමැති වයස අවුරුදු 16ක පාසල් වියේ පසුවන පිරිමි ළමයෙකි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට
ගුණරත්න Wednesday, 23 April 2025 06:37 PM
දැන් මොවුන්ගේ ජීවිත කාලෙම මිනිමරුවෙක් කියන හංවඩුව වැදිලා තියෙනවා. මොවුන්ගේ ළමයිනුත් මිනීමරුවෙක්ගෙ ළමයි...! ඔන්න වැඩි දුර කල්පනා නොකිරීමේ වරද...!
Perakum Thursday, 24 April 2025 04:51 AM
මහ උන් හිටගෙන කරනකොට පොඩි උන් දුව දුව කරනවලු…!
Lalla Thursday, 24 April 2025 07:50 AM
ගෙවල්වල පවුල් පසුබිම තියෙන විදියට තමා දරුවෝ හැසිරීම....