(ලක්මි කුඩලිගම)
වැලිපැන්න ,ගල්මත්ත වලගෙදර ප්‍රදේශයේ ප්‍රධාන පාසලක් ඉදිකිරිපිට කුඩා පෙට්ටි කඩයක තිබු මත් ගුලි පැකට් 126 ක් අද (20 ) දහවල් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි .
මෙම මත්ගුලි පාසල ඉදිරිපිට බුලත්විට,ටොෆි ,චොකලට් අළෙවිහලක තබා දරුවන්ට අළෙවි කරන බවට වැලිපැන්න පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී එම මත් ගුලි සමග වෙළඳසලේ හිමිකරු වලගෙදර ප්‍රදේශයේ පදිංචි (49) හැවිරිදි පුද්ගලයකු අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චමින්ද ද සිල්වා මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක උපාලි රංජිත් මහතා ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය වෙහෙස වෙලා අල්ලනවා. උසාවියෙන් එළියට දානවා. අන්තිමට මොවුන් ඇවිත් ඒකම කරනවා.
ඔහොම එවුන්ට කරන්න තියෙන්නෙ උගේ ළගම තියෙන ගුලි වරකට ගුලි තුන බැගින් පැය හයෙන් හයට පෙවීම හෝ ගිල්ලවීම පමණයි උගේ ළග තියෙන බෙහෙත් අවසන් වුනාම උගේ වෙළදාම අවසන් වෙනවා ඉන් පස්සෙ ඌම ඒවා සොයමින් කාලය ගෙවාවි.වෙළදාම සම්පූර්ණයෙන්ම ඉවරයි එහෙම නැතුව හිරේ යවල රජයෙන් පෝෂණය කරල වැඩක් නැහැ එකෙකුට කලොත් අනෙක් එවුනුත් හැදේවි