
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6 ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව හෙළිවූ බව පාටලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
පාසල් දරුවන්ට ආහාර ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් පසු දරුවන් පාසලට පැමිණීම වැඩි වී ඇතැයිද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන්ට ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් වර්තාවක් ලබා දෙන ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.
පාසල් දරුවන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රුපියල් කෝටි 1600 කට වැඩි මුදලක් වැය වන බවද එහිදී සඳහන් විය.
පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙළ සඳහා ආධාර ලබාදීමට කැමති විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සඳහා විධිමත් ක්‍රමවේදයක් සකසන ලෙසද කමිටුව උපදෙස් දුන්නේය.
මේ අතර අස්වැසුම සඳහා සුදුසුකම් ලැබූ 200,000 ට ජාතික හැඳුනුම්පත් හා ගිණුම්වල ගැටළු වැනි විවිධ හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකි වී ඇති බව කාරක සභාවේදී හෙළිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රට ගොඩ කියන්නේ මේ නිසා වෙන්න ඇති
රටේ තත්වය මෙහෙම තියෙද්දී හිරිවටිච්ච නායකයා ගිහින් වෙන රටවලට මුදල් ආධාර දෙනවා
එයාල බඩගින්නෙ හිටියට කමක් නැහැ ... බාර් ලයිසන් එකයි ... වී 8 පර්මිට් එකයි ලැබුණා නෙ.. ඒ ඇති .
අනාථ භාවයට පත්වූ දරුවන් හැර අන් සියලුම දරුවන්ගේ පෝෂණ වගකීම දෙමාපියන් දැරිය යුතු දෙයක් මිස මහජනතාවගේ ප්‍රශ්නයක් විය යුතු නෑ. දරුවන් සහ පවුලේ අවශ්‍යතා සපිරීමේ දෙමාපියන්ගේ මූලික වගකීමක් මිස දේශපාලනඥයන්ට විකිණීමට ඇති ලාභ භාණ්ඩයක් හෝ මහජනතාවගේ වගකීමක් නොවිය යුතුයි. පවුලේ පෝෂණ වගකීම පැහැර හැරීම බොහෝ රටවල නීතිමය ප්‍රශ්න වලට බඳුන් වීමට හේතුවක්....
සිසුන්ගේ ආහාර මයිනා කෑවාම ඔහොම තමයි…. ඕකාව එළවලා දාන්න ඕනේ…..
නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා රටම බන්කොලොත් කරපු මහින්දයා කියනවා පුලුවන් තරම් පලස්තීනයට උදව් කරන්ඩලූ..