(අජන්ත කුමාර අගලකඩ)
රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ගේ මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට හා එක් නිල වාහනයක් පමණක් ලබාදීමට නියෝග කරමින්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.
ජනාධිපති ලේකම්වරයා විසින් පෙරේදා (13) නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ආණ්ඩුකාර ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රජයේ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් වෙත යවා තිබේ.
රජයේ වියදම් සීමා කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත ජනාධිපති ලේකම්වරයා මෙම විශේෂ චක්‍රලේඛය නිකුත්කර ඇත.
එම විශේෂ චක්‍රලේඛයට අනුව සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරයකු සඳහා මසකට ලීටර් 150ක ඉන්ධන හෝ ඒ හා සමාන දීමනාවක් හිමිවනු ඇත.
සංස්ථා හා මණ්ඩල සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලෙසත්, දැනටමත් පත්කර ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් ද පියවරක් ගන්නා ලෙසත් චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ගෙවන මාසික දීමනාව රුපියල් 250,000කට සීමා කර ඇති අතර, අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කොපමණ සංඛ්‍යාවකට සහභාගි වුව ද එම දීමනාවේ වෙනසක් නොකරන ලෙස ද චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත.
අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට නිල වාහන ලබා නොදෙන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමට පමණක් වාහන පහසුකම් ලබා දෙන ලෙසත් උපදෙස් දී ඇත.
යම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුට ඉන් පරිබාහිරව ප්‍රවාහන පහසුකම් සපයන්නේ නම් ඒ සඳහා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගත යුතු යැයි ද ජනාධිපති ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ සඳහන් වේ.
මේ අතර අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදනවලින් හැකි නම් සියයට 25ක් පමණ ඉතිරි කර ගැනීම වැදගත් යැයි ද එහි සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවා නේද ආර්ථික අර්බුදයේ තරම..! මිනිසුනේ දැන්වත් ඇස් ඇරපල්ලා. අපි ඉන්නේ මකර කටක් අභියස. ටීවීවල නිව්ස් යන්නේ නම් රටේ කිසිම ප්‍රශ්නයක් නැති ගාණට වුණාට මහ ඡන්දෙන් පස්සේ එන අයවැයේදී බලාගන්න පුළුවන් ජනාධිපතිතුමාගේ රට හැදිල්ල... දැන් ඉඳන්ම පටි තදකරගනිල්ලා... ඡන්දේ පස්සේ කෑගහලා කිසිම වැඩක් වෙන්‌නේ නෑ.
ඉතා හොඳයි. ඒත් බලාගෙන අපේ අය ටිකක් බඩගෝස්තරයි.
මේ අයට වාහන දීමනා කුමටද? ඇයි බස් එකේම යන්න කියන්නකෝ...?
හොඳ දෙයක්... මේ වගේම දේශපාලකයින්ට ගෙවන දීමනා වලටත් උපරිමයක් පැනවිය යුතුයි...
පඩිය සීමා කරනවා නම්, උගත් යමක් කමක් තියන වැදගත් අය පත්කළොත් හොඳයි. නැත්නම් වංගු දාලා මාටියා පාර ගැහුවොත් ඒවා අල්ලන්න තව කට්ටියක් දමන්න වෙයි..!
හොඳ වැඩක්... මේ වගේම සියලුම මන්ත්‍රීවරුන්ගේ පඩිත් කපාහැරියොත් තවත් ඉතිරිකරගත හැකියි.
මේ යන ක්‍රමය ඉදිරියටත් පවත්වා ගතහොත් රටම ගොඩ..! බවයි පේන්නේ. දූෂිතයින්ටත් වැට බැඳීගෙන එනවා...!!!
කෙළින් තීරණ ගත්තොත් ඒ නායකයා නිසැකවම ගෙදර යවනවා මේ රටේ... මොකද එහෙම රටක් මේක.. මේවගේ උඩුගම් යන නායකයෙක් උන්නා. හැබැයි එතුමත් අවුරුදු 4යි නේද උන්නේ?
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ මාසික වැටුපත් ලක්ෂයකට අඩුකරනවද? ඔය කිව්වට පිටිපස්සෙන් තව මුදල් පැකේජ් එකක් ඇති...
පව් බන්... මහින්දගෙයි, බැසිල්ගෙයි සෙට්එකට.. ඔවුන් එන්නේ මුළු පවුලම ඇවිල්ලා කාලාබීලා යන්න. මෙච්චර කල් වුනේ එ්ක. අනිවාර්යයෙන්ම 19 ඉවත් කරන්න ඕනේ... ජනාධිපතිට විධායක බලය දෙන්න ඕනේ.. දැන් තියන විදිහට අගමැතිට ඒ බලය ගියොත් මෙයාලා නටන්න ගන්නවා හිටු කියලා... ඒ නිසා දැන් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිතුමාව අප්‍රසාදයට පත් කිරීමේ වැඩපිළිවෙලක්.. ජනාධිපතිතුමනි, කල්පනාවෙන්... මිනිස්සු ඔබතුමාට ඡන්දෙ දුන්නේ දැඩි විශ්වාසයෙන්... මේ මජර ක්‍රමය වෙනස්කරාවි යන දැඩි විශ්වාසයෙන්...
බොහොම හොඳයි... නිවැරැදි නායකත්වයක්.. තමන්ම ආදර්ශයෙන් පෙන්නුවා. නමුත් එතුමාට මේක දිගටම කරගෙන යන්න දෙන එකක් නැහැ එතුමාගේම අය.
බොහොම හොඳයි. බොහොම හොඳයි... සමහර සභාපතිවරු දන්නෙත් නෑ. තමන්ගේ ආයතනය මොකද්ද කියලා එ්ත් ලක්ෂ ගණනින් පඩි ලැබෙනවා. ලක්ෂයක් හොඳටම ඇති...
ඉතාමත් හොඳ තීරණයක්... නැතිනම් මේවට අරයගේ මල්ලී, මෙයාගේ මස්සිනා කියලා ඒ ආයතන විනාශ කරලා දාන අයව තමයි රිංගවන්නේ... එහෙම රිංගවපු අය රටිනුත් පැනලා ගිහින් දැන්.. දැන් ඇවිත් පුලුවන් නම් කරලා පෙන්නන්න. මෙන්න පඩිය, මෙන්න පහසුකම්, ලංකාවේ ජනාධිපතිවරයෙක් පළවෙනි වතාවට පැහැදිලිව දක්වලා තියනවා.. අතීතය පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලන්න.
ඉතා හොඳ තීරණයක්...
සංස්ථා හා මණ්ඩල සඳහා ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලෙසත්, දැනටමත් පත්කර ඇත්නම් ඔවුන් අක්‍රීය කරන ලෙසත් චක්‍රලේඛයෙන් උපදෙස් දී ඇත. එසේම නිල වාහන ලබා නොදෙන ලෙසත් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලට සහභාගි වීමට පමණක් වාහන පහසුකම් ලබාදීමෙන් තීරණවලට බලපෑම් කරන ලෙසත් උපදෙස් දී ඇත. පව්. වියත් මගට කඩේ ගියේ ඕකටද? කොහොමත් ගෝඨාට ආයේ නුඹලා ඕනෑ... අවුරුදු 5 කින්. දැන් මහින්දගේ වාරේ...
ලක්ෂයකින් හොඳට ජීවත් වෙන්න පුළුවන්... රටේ අනවශ්‍ය වියදම් අඩු කළොත් බැංකුවේ මූල්‍ය සංචිත වැඩි කර රට පොහොසත් රටක් කිරීම කාගේත් වගකීමයි.. 1971 -1977 කාලයේ අපි හොඳ පරිශ්‍රමයක් දැරුවා. නමුත් ජනතාවගේ මෝඩකම් නිසා ඒ ප්‍රතිලාභ ගන්න බැරිවුණා. සිරිමාවෝ මැතිණිය විශ්වාසයකින් මැතිවරණයකට ගියත් ජනතාවගේ බඩ නිසා ජනතාව දුර දිග බැලුවේ නැහැ.. 1977 ජනතාව කරගත් කොඩිවිනය 2020න් ඉවරයි. දැන් ලබාගත් පත්කරගත් නායකයාගේ දැක්ම මත ඔබ ආරක්ෂා කරගෙන එතුමාට උදව් කරමින් රට ආරක්ෂා කර ගැනීම ඔබගේ ආරක්ෂාවයි...
හ්ම්.. අධ්‍යක්ෂක මණ්ඩලයේ සභාපතිවරුන්ට මසකට රුපියල් ලක්ෂයයි. ඔහුට පහළින් ඉන්න අධ්‍යක්ෂකවරුන්ට මසකට රුපියල් දෙලක්ෂ පනස්දාහයි. එතැන පොඩි පරස්පරයක් නැද්ද? නැත්නම් මගේ මොලේ කචල්ද?
අපි වහල්ලු නොවන නිසා නරක වැඩේට නරකයි කියනවා වගේම හොඳ වැඩවලට හොඳයි කියනවා. ඔය වැඩේ හොඳ වැඩක්. හැබැයි කඩේ ගිය අයට අධ්‍යක්ෂ ධුර පිරිනමන එක නරක වැඩක්...
හොද අදහසක්. නමුත් හැකියාව සහ පිටරට ඉල්ලුම ඇති අය රට හැර යයිද කියන ප්‍රශ්නය එනවා.
ගොඩක් හොඳ තීරණයක්...
පඩිය ලක්ෂයයි... මාසික දීමනාව දෙලක්ෂ පනස්දාහයි... ටිකක් අවුල් වගේනේ...
සමහර සංස්ථා සභාපතිවරු පත්කරලා තියෙන්නේ දේශපාලුවන්ගේ හිතවත්කමට. උන් දන්න වැඩ.. කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති අය.. අන්තිමට ආයතනයත් කාබාසිනියා කරලා දාන එකයි සිද්ද වුනේ... වෙන්නෙත්...
තීරණය නම් අගය කළයුතුයි. දැනුමක්, තේරුමක්, උගත්කමක් තියන අය කර ගහයිද? ඉස්සරහට තියන මැතිවරණයට අපිව අන්දනවද දන්නේ නැහැ.
එතකොට කොමිස් ගැහිල්ල සියයට එකකින් වැඩි කරයි. පරණ අාදායම සමතුලිතව තියාගන්න. එච්චරයි. කොහොම කළත් සභාපතිලනේ. අදායම අඩු කරගන්න එකක් නැහැ.
ඔය ටික දේශපාලකයින්ටත් කරන්න. ගිය ආණ්ඩුව කාලේ රනිල් නැමැත්තා දේශපාලුවන්ගේ වැටුප් අසාධාරණ ලෙස වැඩිකළා.
ලක්ෂයක් මොකටද? 2500න් වැඩ පෙන්නන්න පුළුවන් ඇමති උන්නාන්සේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා නේද?
ළඟ ළඟ ඡන්දය එනවනේ... මම යෝජනා කරන්නේ අපේක්ෂකයන් තෝරන කොටම, ඔවුන් දැනුවත් කරන්න ඕනේ... අසාධාරණ මන්ත්‍රී විශ්‍රාම වැටුපට නැත. රටේ සාගින්නේ සිටින පිරිසක් සිටිද්දී තරු 5හේ කෑම නොමිලේ දීමක් නැත. පක්ෂ මාරුකර කෝටි ගණන් ලබා ගැනීම මේවා තහනම්ය යන කරුණු දැනගෙන වියයුුතුයි. මේ ගැන ඔබේ අදහස මෙහි ඉදිරිපත් කරන්න...
තනතුරට සරිලන උගත්කමක් තියන වෙනත් අාදායම් මාර්ගයක් නොමැති අයටයි මෙම තනතුරු දිය යුත්තේ. එහෙම කෙනෙකුට රුපියල් ලක්ෂය ලොකු මුදලක් ඒ වගේම රැකියාව ජීවනෝපාය මාර්ගයක්. උනන්දුව වැඩියි.
මෙයාලා ඇතත් නැතත් ආයතන යනවා... අනෙක මේ කවුරු අාවත් ඒවගේ ඉන්න ඇටවුම් බැහැපු කල්ලි ඉන්නවා වැඩක් කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ඇති බහුතරයකට පළපුරුද්දක් නැහැ.. ඇවිත් අනාගන්නවා වෙනසක් කරන තාක් කිසිම ආයතනයක් හදන්න බැහැ.. මස හයකින් ප්‍රගතිය බලන්න නටපු පදේකුත් නැහැ. බෙරේ පලුවකුත් නෑ සාමාන්‍ය යන ක්‍රියාදාමය එහෙමම යනවා...