
(දිනේෂ් සමරකෝන්)
මෙරට සංස්කෘතියට කිසිදු දේශපාලනයෙකු අත නොතැබිය යුතු බවත්, සියලු දේශපාලඥයන් ඔවුන්ට අයිති වූ කාර්යයන් කරනවා මිස අයිති නැති කාර්යයන් නොකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
හංවැල්ල පහත්ගම අප ශුද්ධ වූ ජුසේ මුනිඳුන්ගේ දේවස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව සඳහන් කළහ.ෙ
“අද සමාජයේ විවාහ ජීවිතය කඩාකප්පල් කරන නොයෙකුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක දෙයක් තමයි ළඟදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කරන ලද ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාඨමාලාවේ මොනවද මේ දරුවන්ට කරන්නේ කියලා. අවුරුදු 6ක වයසේ දරුවන්ගෙන් පටන්ගෙන වැඩිමල් වියට යනකන්ම දරුවන්ට මේ ලිංගික අධ්‍යාපනය තුළින් විවිධාකාර විෂමතා උගන්වලා ඒවා කරන්න පුළුවන්, ඒවා හොඳයි කියලා උගන්වන , මව්පියන්ගෙන් මේ අයිතිවාසිකම උදුරාගත්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රමක් අද සමාජයේ පවතින රජව විසින් ඉදිරිපත් කරගෙන යනවා. මේක අපට පිළිගන්න බෑ. අපේ ශ්‍රී ලංකාව තුළ උරුමයෙන්ම ආපු සංස්කෘතියක්, සභ්‍යත්වයක් තියෙනවා.
අපි අදහන ආගම් වන බුද්ධාගම, හින්දු ආගම, ඉස්ලාම් ආගම, ක්‍රිස්තියානි ආගම යන ධර්මතා සියල්ලෙන්ම ප්රතිපත්තිවලින් සංස්කරණය වුණු මානුෂීය සංස්කෘතික ප්‍රතිපත්ති මාලාවක් තිබෙනවා විවාහ ජීවිතය පිළිබඳව, දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව, ලිංගිකත්වය පිළිබඳව යම් ආදර්ශ මාලාවක්, නීති මාලාවක් සමාජය තුළ සකස් වී තිබෙනවා. නමුත් මේ සියල්ල අතහැර බටහිර ලෝකයෙන් අපිට මුදල් ලැබුණා කියලා ඒ මුදල් වලට වැඳලා ප්‍රතිපත්ති පාවා දෙනවා නම් ඒ කිසිදු රජයකට අයිතියක් නෑ මේ රට පාලනය කරන්න. අපි දේශපාලන ලෝකයේ ඉන්න සියලුම නායකයන්ට කියන්නට අවශ්‍යයි කරුණාකරලා ඔයාලට අයිති වුණු කොටස විතරක් කරන්න. ඔයාලට අයිති නැති දේවල් කරන්න යන්න එපා. මේ අවස්ථාවේ අපි කියන්නේ කරුණාකරලා අපේ රටේ සංස්කෘතියට අත තියන්න යන්න එපා. ”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෞරවනීය කාදිනල් තුමාටත් මට කියන්න තියෙන්නේ, ඔබතුමාට අයත් විෂය කරගෙන නිහතමානීව ඉන්න කියලයි. ඔබතුමා ජීවත් උන අවුරුදු 6 වයසත්, අද අවුරුදු 6 දරුවෙකුගේ වයසත් අහසට පොළොව වගේ . අද දරුවන් ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම “සමාජ මාධ්‍ය” හරහා හැදෙන්නේ, වැඩෙන්නේ. ගරු කාදිනල් තුමා අවුරුදු 6 වයසේ “වැලිපොතේ” අකුරු ලිව්වත්, අදකාලේ Notebook, Laptop, Tab, Social Media හරහා ලෝකය හඳුනාගන්න අනාගත පරපුරට ඊර්ෂ්‍යා කරන්නත් එපා. දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ඔබට ලැබේවා!
සංස්කෘතිය කියන්නේ මොකක් ද කියලවත් දන්නේ නැතිව කියන කතාවක්
මුලු ලෝකේම තාක්ශනය අතිදියුනු වී හමාරයි. අපේ රටට එවැනි ද්‍රෙවල්. හරියන්නෙ නැහැ. ඒකෙන් ගන්නෙ නරක ඇත්ත රට දියුනු වෙනකොට මිනිඩුන් නරක පැත්තෙන් තිරිසන්නු වෙනවා එහෙම වුනාම බිල්ලට ගන්නෙ අසරන දරුවන්. වැඩිහිටියන් කියලා දෙන්නෙත් නැහැ තිරිසන්නුන්ගෙන්. බේරෙන ක්ර්මය. පාසලෙන් මේවා කියලා දෙන එක වරදක් නෙමේ. පොඩිදරුවන්ට කියලා දෙන්නෙ. ලමයි හදන හැටි නෙමේ ලින්ගික අතවර සිදුවෙන හැටි නොසැලකිල්ල නිසා. අව්ටුදු. හතරේ පහේ ඉදලා කියලා දෙන්න ඕන දරුවන්ගෙ ඉනෙන් පහල පපුව ප්‍රදේශය ඕනමකෙනෙක්. පව්ලේ අය වුනත් අල්ලන්න අතගාන්න එනවානම් ඒවාට බිරුද්ෆ්හවෙන්න. වැඩි හිටියෙක්ට කියන්න කියලා දෙන්න ඕන. අපේ රටේ අම්මලා පොඩිදරුවන්ට හපන්. ඒ අතින් නුගත්. පල්ලි පන්සල් ගියාම. තනි නොවි නිතරම යාලුවන් සමග එකට ඉන්න ඕන. නොදන්න තැනක් නිසා. ගමේ පන්සල පල්ලිය වුනාට. ඒ තැන් වල ආරාක්ශාව මදි. පාසලේ වගෙ එකටම ඉන්න ඕන. ගැහැනු දරුවන් විශෙශයෙන් පොඩි වයසින්. දරුවො ලැබෙන්නෙ බයානකකම දන්නෙ නැහැ එවා කියලා දීලා නැහැ. සන්ස්කෘතිය. ඉබේම රැකෙනවා දරුවන්ට උවමනා දේ ඉගැන්නුවම. .
ආණ්ඩුවට ගං වතුර හානිය ගැනවත් රටේ වෙන ප්‍රශ්ණ ගැනවත් කිසිම වගක් නෑ. LGBTQ ප්‍රවර්ධනය තමයි වැදගත් වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අගමැතිතුමියට. අනෙක් ආගමික නායකයන් නිද්‍රාශීලීව ඉන්න අතරේ ඔබ වහන්සේ ඊට විරුද්දව නැගී සිටීම ගැන අපේ භක්තිය සහ ගෞරවය.
අගරද ගුරැතුමොගේ උපදේශයට අපි ඉතාමත් ගරුකරනවා. රටේ සන්ස්කූර්තියට අත තියන්ට ලිසිම ආණ්ඩුවට හෝ ආයතනයට අයිතියක් නැත.
ලිංගික අධ්‍යාපනය නොමැති කමින්, අනිසි ගැබ් ගැනීම් සිදුවී මහා මග, වැසිකිලි වල බිලින්දියන් දමා යාම, අඩු වයස් ගැබ් ගැනීම් වැනි දේවලුත් සිදුවන බව ද, තේරුම් ගත යුතුයි.
දැන් මහ මොළකාරය ප්‍රශ්නේ හරිද ...? මේක අලුත් project එකද ?
ඒ වුණාට අනික් කකුල ... රෝමයේ වතිකානුවනේ....
එංගලන්තයේ පල්ලිවල පිරිමි ළමයි ආයෝජනය කරපු ඒවට නඩු සෑහෙන්න තියෙනවා. ඒ වගේ දියුණු රටවල් වල ළමයි රවටන්න අමාරුයි. ලිංගික දැනුම පොඩි කාලෙම දෙන නිසා... මෙතන මෙයාගේ වෙන සැලැස්මක් තියෙනවා වගේ පල්ලිවල වෙන ඒවා හංගන්නද දන්නේ නෑ.
මගේ අදහස මගේ කාලේ අපිට කිසිම ලිංගික අදහසක් තිබුණේ නෑ... හැබැයි ඒකෙන් ගොඩක් දුක් වින්ද අපේ සබ්ජෙක්ට් එක අනිවාර්ය කරන්න. අපේ සංස්කෘතිය වෙනස් කළේ කවුද? ඒවට උදව් කළේ කවුද? ඔක්කොම ඩොලර් වලට යටවෙලා...
මෙතුමා මොනවා හරි ගැන කථා කලොත් ඒහි සැබෑ අර්ථය එයම නොවේ. ඒ තුල ඇත්තේ ඔහු විසින්ම මවා ගත් සිතුවිලි මතින් ගොඩ නගා ගත් රටට ජාතියට සංස්කෘතියට දිගුකාලීනව හානි කර දෙයක්මය.