IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සංස්කෘතිය රකින්න ජනාධිපති අණින් පියවරක්

(අංජුල මහික වීරරත්න)

සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් දුන්නේය.

මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී ය.

සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.



අදහස් (7)

සංස්කෘතිය රකින්න ජනාධිපති අණින් පියවරක්

ලංකාපුත්‍ර Monday, 30 January 2023 07:25 PM

දැන් කාලයේ සිංහල භාෂාව අන්ත පරිහානියට ලක්වෙමින් තියෙනවා කියලා දිනපතා පුවත්පත් බැලීමෙනුත් විදෙස් වලින් ගෙන්වා විකාශය වෙන ටෙලිනාට්‍ය වල කතා විලාසයෙනුත් ඉතාමත් පැහැදිලි වෙනවා. සිංහල භාෂාවේ තියෙන සමහර අකුරුවලට ඉංග්‍රීසි අකුරු නොමැති නිසා භාෂාව විකෘති වෙන අවස්ථා තියෙනවා. උදා-- බෝඹුවල යන්න බෝම්බුවල කියලා ලිවීම එකක්.. තවත් එකක් තමයි වැල්ලදුර කිව්වාම වැල්ලන්දුර කියලා ලියනවා තවත් සමහරු ය යන්න වෙනුවට යංශය ලියනවා. මේ නිසා භාෂාව විකෘති වෙනවා. ඒ ගැන අවධානයට ගන්න ඕන ...

:       0       9

ලසන්ත Tuesday, 31 January 2023 01:28 PM

තවත් එකක් තමයි රාජ්‍ය සේවයේ සමහරක් තනතුරු නාම යෙදීම උදාහරණයක් ලෙසට මැනුම්පති ලෙසට ලස්සන තනතුරු නාමයක් තියෙද්දි නියෝජ්‍ය සර්වේයර් ජෙනරාල් කියලා කීම.මොකක්ද සර්වේයර් හා ජෙනරාල් කියන්නෙ සිංහල වචන නොවෙයි තවත් එකක් තමයි මැතිවරණ මහ ලේකම් කියලා තනතුරක් ලංකාවෙ නැහැ ඒත් කාර්‍යාල ගොඩනැගිල්ල නම් කරන්නෙ මැතිවරණ මහ ලේකම් කාර්‍යාලය කියලා තවත් සමහර තනතුරු තියෙනවා අගට ජෙනරාල් කියලා යොදලා ඇත්තටම ලංකාවෙ තියෙන තනතුරු නාම සදහා සිංහල නම් යොදන්න තියෙන අපහසුව මොකක්ද එහෙම යොදන්නෙ එම තනතුරු දරණ නිළධාරින්ගේ හීන මානය නිසාද

:       0       0

Rata Perata Monday, 30 January 2023 11:27 PM

සංස්කෘතියක් තියන මිනිහෙක් ඕන ඕවා කරන්න .මේවා නිකම් සංදර්ශන

:       0       0

දසුන් Tuesday, 31 January 2023 06:52 AM

හෙට ලෝකය දිනන ඕනෑ වෙන්නෙ අන්තර්ජාතික භාෂාවන් ඉගෙන ගැනීමයි. ජපන් , ජර්මන් , ප්‍රංශ , ඉංග්‍රීසි , කොරියන් වගේ භාෂා ඉගෙන ගත්තොත් දරුවන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා තම ජීවිතය ජය ගන්න

:       0       0

Hafeel Tuesday, 31 January 2023 12:33 PM

විලි ලැජ්ජාව ගෑවිලාවත් නැති මිනිහට සංස්කෘතියක් මොනවටද?

:       1       0

BamunuarachchiWednesday, 01 February 2023 10:37 AM

එහෙම කියන්න එපා එයාට සංස්කෘතියක් තිබෙනවා. මදනේ ඉහට ගහලා පොඩිලමයි කසාද බඳින, අපේ මහා උන්දාකලා කියලා ගැහැණු 7 බඳින සංස්කෘතියක එයා නැහැ

:       0       0

Bamunuarachchi Wednesday, 01 February 2023 10:34 AM

අලි පරස්නයක් ජෙප්පෝ කියනවා සංස්කෘතියක් ඕනේ නැහැ කියලා. ටෙල්වින් හාදයා ලෙනින්ගේ පොතක් පෙරලාගෙන කිව්වේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site