
(අංජුල මහික වීරරත්න)
සිංහල සංස්කෘතික ආයතනය පවත්වාගෙන යාම සහ එහි ඉදිරි කටයුතු වෙනුවෙන් සුදුසු අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට උපදෙස් දුන්නේය.
මෙරට සංස්කෘතික අනන්‍යතාව සුරකින සිංහල සංස්කෘතික ආයතනයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය හා සිංහල සංස්කෘතික ආයතනය එක්ව ඒකාබද්ධ කමිටුවක් පත් කරගන්නා ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් දුන්නේ සිංහල සංස්කෘතික ආයතනයේ භූමිය සම්බන්ධව අද (30) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සකච්ඡාවේදී ය.
සිංහල සංස්කෘතික ආයතනය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාලයේ සිංහල භාෂාව අන්ත පරිහානියට ලක්වෙමින් තියෙනවා කියලා දිනපතා පුවත්පත් බැලීමෙනුත් විදෙස් වලින් ගෙන්වා විකාශය වෙන ටෙලිනාට්‍ය වල කතා විලාසයෙනුත් ඉතාමත් පැහැදිලි වෙනවා. සිංහල භාෂාවේ තියෙන සමහර අකුරුවලට ඉංග්‍රීසි අකුරු නොමැති නිසා භාෂාව විකෘති වෙන අවස්ථා තියෙනවා. උදා-- බෝඹුවල යන්න බෝම්බුවල කියලා ලිවීම එකක්.. තවත් එකක් තමයි වැල්ලදුර කිව්වාම වැල්ලන්දුර කියලා ලියනවා තවත් සමහරු ය යන්න වෙනුවට යංශය ලියනවා. මේ නිසා භාෂාව විකෘති වෙනවා. ඒ ගැන අවධානයට ගන්න ඕන ...
සංස්කෘතියක් තියන මිනිහෙක් ඕන ඕවා කරන්න .මේවා නිකම් සංදර්ශන
හෙට ලෝකය දිනන ඕනෑ වෙන්නෙ අන්තර්ජාතික භාෂාවන් ඉගෙන ගැනීමයි. ජපන් , ජර්මන් , ප්‍රංශ , ඉංග්‍රීසි , කොරියන් වගේ භාෂා ඉගෙන ගත්තොත් දරුවන්ට ඕනෑ තරම් අවස්ථා තියෙනවා තම ජීවිතය ජය ගන්න
විලි ලැජ්ජාව ගෑවිලාවත් නැති මිනිහට සංස්කෘතියක් මොනවටද?
අලි පරස්නයක් ජෙප්පෝ කියනවා සංස්කෘතියක් ඕනේ නැහැ කියලා. ටෙල්වින් හාදයා ලෙනින්ගේ පොතක් පෙරලාගෙන කිව්වේ.