(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ලේ පාසලක සිසුන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පාසලේ සංගීත ගුරුවරයා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන්නැයි අනුබල දුන් බව කියන ගුරුවරුන් 7දෙනෙකු පාසලෙන් ඉවත් කරන්නැයි ඉල්ලා සිසුන්ගේ මව්පියවරු පිරිසක් අද(01) පාසල ඉදිරිපිට රැස්ව සිටියහ.
එම පාසලේ සංගීත විෂය භාර ගුරුවරයකු සිසුන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ලබන 11වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
පාසලේ ඉගැන්වීමේ කටයුතුවල නිරත වන භික්ෂූන් වහන්සේ නමක්, ගුරුවරුන් සහ ගුරුවරියන් 7දෙනෙකු මව්පියවරුන්ගේ නිවාසවලට පැමිණ, ජනාධිපතිවරණයෙන් පසුව එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බවත්, සිද්ධිය ගැන පොලිසියට පැමිණිලි නොකරන ලෙස ඉල්ලා සිටි බවත් මව්පියවරු පාසලේ විදුහල්පතිනිය හමුවී පැවසූහ.
මෙම ගුරුවරුන් 7දෙනා පාසලෙන් ඉවත්කරන්නැයිද ගුරුවරුන් සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවද ඔවුහු ඉල්ලා සිටියහ. මේ හේතුවෙන් පාසල තුළ දැඩි උණුසුම්කාරී තත්වයක් හටගෙන තිබිණි.
මෙයට සහභාගීව සිටි අධ්‍යාපන බලධාරීහු මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන බව පැවසූහ.
දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම පාසලේ සිසුන් වෙනුවෙන් පෙනී සිටින බවත්, වහාම අපරාධයට අනුබල දුන් එම ගුරුවරුන් විද්‍යාලයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත්, එසේ නොකරන්නේ නම් දැඩි විරෝධතාවක් ආරම්භ කරන බවත් මෙම අවස්ථාවට එක්වූ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් සහ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු කියාසිටියහ.
තත්වය පාලනය කිරීම සඳහා දඹුල්ල පොලිස් නිලධාරීහු ද පාසලට පැමිණ සිටියහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රැකගන්න ඕනෑ දරුවන්ද? වැඩිහිටියන්ද?
දේශපාලන කාලකන්නිත් එතැනට රින්ගලා. මේ අය ඇවිත් ඉන්නේ ප්රශ්නය විසඳන්න නෙවේ. තවත් අවුල් කරන්න..
ඒ අය හත් දෙනාත් ඒ ගණයේම වෙන්න ඇති...
කවුරු මොනවා කිව්වත් ඔය වැඩේට ශේප් වෙන්න කතා කරපු ගුරු හොරු ටිකනම් ගුරු වෘත්තියට සුදුසු නොවේ. අධ්‍යාපන බලධාරින් වහාම මෙම උදවිය එම වෘත්තියෙන් අයින් කරන්න කටයුතු කළ යුතුවේ. ගුරුවරයා යනු ළමා මනස විකෘති කරන්න ඉන්න උදවියද? නැතිනම් ළමා මනස නිසිමගට යොමුකරන්න ඉන්න උදවියද කියන ප්රශ්නය ඔය හත් අට දෙනාගෙන්ම ප්‍රසිද්ධියේ කරුණු විමසා බැලුවානම් වඩාත් උචිතයි.
භික්ෂුවක් මොකටද ඒකට ගෑවුනේ...? කුණුගොඩවල් ඔක්කොටම චීවරය ගාගන්නේ අපේ ආගමේ මොන කරුමයකටද?
වහාම පාසලෙන් ඉවත්කරන්න ඕනෑ. අන්න පොහොට්ටුවේ කෙනෙකුත් චීන කාන්තාවකට කරදරයක් කරලලු....
ඔය ගුරුවරුන්ට දරුවන් නැද්ද? තමුන්ගේ දරුවකුට වුණා නම් තේරෙයි..
මේක එක් ගමනක් සිදුවුණු දෙයක් නොවේ.
ළමුන්ට අතවර කරන මේ අපරාධකාරයෝ ජීවිතාන්තය දක්වා හිරේ දාන්න ඕන.