(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක පැහැර ගැනීමේ සිදුවීම බරපතල කරුණක් ලෙස සළකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.
එම පැහැර ගැනීමේ සිදුවීම අපරාධ සිදුවීමක් යැයි සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පොලිසිය කඩිනමින් පියවර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද සඳහන් කරයි.
අදාළ ක්‍රියාපටිපාටියට අනුව විමර්ශන කටයුතු කරගෙන යෑම කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පූර්ණ සහයෝගය ඉල්ලා ඇතැයි ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වේ.
ඊට අමතරව විමර්ශන සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත බලධාරීන් දැනුවත් කිරීම සඳහා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එහි ගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ. ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වගකීම ඇත්තේ ද කරුණාසේන හෙට්ටිආරච්චි මහතාටය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් පවතින වියානා සම්මුතියට අනුව ශ්‍රී ලංකා රජය රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සුමටව පවත්වාගෙන යෑම සඳහා කැපවී සිටින බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විමසීම සඳහා ස්විට්සර්ලන්ත බලධාරීන් තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කැඳවා තිබූ බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය එම සිදුවීම බරපතළ හා පිළිගත නොහැකි සිදුවීමක් යැයි නම් කර තිබූ බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න ගෝත්‍රිකයින් දන්නා වියානා සම්මුතියක් නැහැ. මොනවා හරි අප්සට් එකක් වුනොත් ඔක්කොටම කලින් විමලයා කෑගහනවා. විදේශීය ආක්‍රමණ කියලා. ඊගාවට බොරු චීවරධාරීන් ටික එලියට පනිනවා... ගෝත්‍රික නායකයින් ඒ ඩුප්ලිකේට් අයව තානාපති කාර්යාල අසල රැස් කරලා කෑ ගස්සනවා. අපේ සංස්කෘතිය...අපේ ආගම ..ඕවා තමයි විකුණන්නේ. ඔය කෑගහන අයට කිසිම අයිතියක් නැහැ. බුද්ධාගම ගැන කතාකරන්න. ඒවාට ඉන්නවා සිල්වත් හිමිවරු. එ්ත් උන්වහන්සේලා ඔය දේශපාලුවන්ගේ " හිස් " වැඩවලට තමන්ගේ ආගම විකුණන්න තරමට අාධ්යාත්මයෙන් පිරිහිලා නැත. ඕක තමයි අපේ ක්‍රමය. ඒ වගේම තමයි අපි ගැන, අපේ කෙරුවාවල් ගැන බලවත් රටවල් බොහොම අවදියෙන් ඉන්නේ. මෙහෙ ඉන්න හොරුටික රටේ තමන්ට ඡන්දය දුන්න වහල් ගෝත්‍රිකයින්ට බිල්ලෙක් මවලා පානවා. ජිවිතයට පාසලකට ගියේ නැති ඒ වහල්ලු ඒ කියමන් හිස් මුදුනින් පිළිගන්නවා. මේ දුපතේ සිටින බහුතරයක් ඡන්ද දායකයින් මොලේ කලඳක්වත් නැති ගෝත්‍රික වහලුන් බව මුළු ලෝකයම පිළිඅරගෙන ඉවරයි. මේ ගෝත්‍රිකයින් කිහිප දෙනෙක් සත්ව උද්‍යානයේ ප්‍රදර්ශනයට කූඩු කළානම් අගෙයි.
විජිත් ඔබතුමාගේ බුද්දි මට්ටම ඉතාමත් පහත් බව පේනවා දෙයක් ලියන කොට වෛරයට වඩා බුද්ධියට තැන දෙන්න...
අනේ අප්පේ විජිතට අහන්න වෙන දේවල්... පාඩුවේ හිටියා නම් ඕවා අහන්න වෙන්නේ නැහැ.
විජිත්ගේ කතාවට එකඟයි. කොහොමත් ගොබ්බයින්ට ඔය කතාව තේරෙනවා අඩුයි.
විජිත්ගේ කතාවට එකඟයි. කොහොමත් ගොබ්බයින්ට ඔය කතාව තේරෙනවා අඩුයි.
ඇත්තටම මේවාට උත්තර දෙන්න ඕනෑ නෑ චම්පා. විජිත්ලා වගේ තමන් හරි දැන උගත් කියලා හිතාගෙන ඉන්න වහලුන් කිහිපදෙනෙක් පොල්ලෙන් පහරකාපු අය වගේ තමන්ගේ නූගත්කම් මනාව ප්‍රදර්ශනය කරනවා. පව් අනුකම්පා කරන්න. දැඩි ආතතියකින් ඉන්නේ ජනාධිපතිවරනයෙන් පස්සේ. ඒ වගේම විජිත් කියන අනිත් මිනිස්සුන්ගේ ඉස්කෝලේ ගමන ගැන කතාවෙන්ම ඔහුගේ අධ්‍යාපනය ගැන හිතාගන්න පුළුවන්. මෙහෙමත් අය ඉන්නවද කියලත් හිතෙනවා. හැබැයි හැමදාම කියනවා වගේ ඔය මන්ද මානසික වහල් කොට්ටාශය නම් සීඝ්රයෙන් වඳවීගෙන යනවා.
මම විජිත මහත්මයා සමග එකඟවෙමි. ශ්‍රී ලංකාවේ මිනිසුන් වෙනස් වීම කෙරෙහි ඇත්තේ බියකි. එලෙසම ඔවුන් ඇත්ත ඇති සැටියෙන් දැකීමට ඇති බිය සහ පක්ෂග්රාහී ගැතිකම කිසි කලෙකත් වෙනස් කිරීමට නොහැකි බව කිව යුතුමය. මේ වග පාලකයන් දන්නා බැවින් ඔවුන් එයින් ප්‍රයෝජනය ගන්න බව පෙනේ. ශ්‍රී ලංකාව කිසි කලෙකත් මේ ව්‍යවසනයෙන් ගැලවීමට නොහැකි බව පෙනෙන කරුණකි. තවද උගත් යැයි සලකන බොහෝ පිරිස් තමාගේ අදහස් සපුරා ගැනීමට විකල්ප මග ප්‍රයෝජනයට ගත් සැටි පසුගිය දිනවල සිදුවුණු වැඩපිළිවෙලින් සක් සුදක්සේ පැහැදිලි විය. මෙය බලා සිටින අපට කණගාටුවට කරුණකි. චමත් - ඇත්ත ඇති සැටියෙන් දැකීම වරදක් නොවේ. අප හැමට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇතිබව කිව යුතුය. චම්පා - රට සහ ජනතාව හැල්ලුවට පත් කිරීමට දායක වන්නේ දේශපාලකයන් සහ ඔවුන්ව තෝරා පත්කරගන්නා ජනයාවේ. තවද දේශපාලකයින්ගේ ක්‍රියාවලියන් දෙස බලන විට මෙය මොනවට පෙනේ. මිනිසුන් සුමගට ගැනීමට වෙර දැරිය යුතුයි. ඔවුන් සම්පත් පොදී ගැසීම නවතා රටට ආදර්ශයක් වීමට කටයුතු කළ යුතුය. යහපත් මිනිසුන් රටට ආශිර්වාදයකි. කවදා හෝ අපට අපේය කියා ආඩම්බර වීමට රටක් ඉතිරි කළ යුතුවේ...
මෙතන සමහරුන්ට වෙලා තියෙන්නේ මේ පැහැරගැනීම ගැන කතා කරන්න නෙමෙයි.. අර තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව ඡන්දෙ දීපු මිනිස්සුන්ට ගෝත්‍රිකයන් කියලා බැනගෙන බැනගෙන යන්න වුවමනා වෙලා තියෙන එකයි. ඒ තිබිච්ච ආණ්ඩුව කරපු කැත වැඩ නිසා තමයි මිනිස්සු මේ විදියට ඡන්දෙ දුන්නේ. නැතුව මේ ගෝත්‍රික පිස්සුවක් ගහලා නෙමෙයි.
සතියෙන්ම පරණ පුරුදු වැඩ පටන් අරගෙන වගේ. රට යන අත බොහොම පැහැදිලියි. ජීවත්වෙන්න ඕනෑ නම් කට වහගෙන වෙනදේ බලාගෙන පාඩුවේ ඉන්නවෙයි ඉස්සරහට...
මේ සිදුවීමේදී කාටවත් චෝදනා කරන්න අපිට බැහැ. අනුමාන කළ හැකියි. නමුත් ඒවා කොපමණ දුරට සත්‍යද දන්නේ නෑ, රටට ඇතිවී තිබෙන කැළල නැතිකිරීමට ශ්‍රී ලාංකික පුරවැසියන් වශයෙන් අපි දන්නා තොරතුරක් ඒ සිද්දිය පරීක්ෂා කරන නිලධාරීන්ට පැවසිය යුතුයි. කාටවත් බැන බැන ඉඳලා තේරුමක් නෑ
විමල් වීරවංශ මොකද සද්ද නැතුව ඉන්නේ? මෙයාගේ වැඩක්ද මේක..?
ඇත්තටම ලංකාවේ හරක් ඉන්නවනේ...