IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි

(අංජුල මහික වීරරත්න)

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි .

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සාමාජිකයන් ජනාධිපති කාර්යාලය නැරඹීමට පැමිණි අවස්ථාවේ ජනාධිපතිවරයා කළ ආරාධනය පරිදි මෙලෙස ඔවුන්ගේ පළමු සභා වාරය ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව  නියෝජනය කරන සභිකයෝ 152ක් මීට එක්වූහ.එහි කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය තෝරාපත් කර ගැනීමෙන් පසුව මංගල සැසිවාරය ආරම්භ කෙරිණි. 

අභිනවයෙන් පත් වූ කථානායකවරිය  භාෂා ත්‍රිත්වයෙන්ම සභාව මෙහෙයවීම විශේෂත්වයක් විය.

මෙහිදී ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ අභිනව මන්ත්‍රීවරුන් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ශිෂ්‍ය අවශ්‍යතාවන් පිළිබඳ යෝජනා සිය අභිමතය පරිදි කෙටුම්පත් කර ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව ශිෂ්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව අදහසක් ලබා ගැනීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 



අදහස් (6)

සීවලී විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ දී රැස්වෙයි

Akila Wednesday, 11 October 2023 12:12 PM

දුවේ පුතේ , ළමා පාර්ලිමේතුවේ පලවෙනි අංගය විදිහට ඔක්කොම එකතුවෙලා විශ්වාස බංගයක් ගෙනල්ල රටම ණය උගුලේ පටලවපු ඔය ජනදිපතිව අයින් කරන්න

:       9       11

සුසිල් මාමා Wednesday, 11 October 2023 12:23 PM

මේ දරුවන්ගෙන් කී දෙනෙක් ද අනාගත වෘත්තිය ලෙස දේශපාලනය තෝරාගෙන තියෙන්නේ...?

:       0       6

ravin Wednesday, 11 October 2023 12:56 PM

දුවේ, පුතේ ඕනෑම දෙයක් ඉගෙනීමෙන් වරදක් සිදුනොවේ. එකම එක දෙයක් පමණක් කිසිම දිනක ඉගෙන නොගන්න. ඒවා නම් හොරකම, වංචාව, දූෂණය, මැරකම විතරක් ඉගෙන නොගන්න. දැනට පාර්ලිමේන්තුවට යෑමේ සුදුසුකම් ඒවා වේ...

:       0       6

pakeer Wednesday, 11 October 2023 12:58 PM

අනේ මන්දා මේවා..!

:       0       4

Mohan Mangala Wednesday, 11 October 2023 01:45 PM

ඕවා කිසිම තේරුමක් නැති වැඩ... කාලය කා දැමීම විතරයි... මානව ධර්ම කැලේ...

:       2       3

Rata Perata Wednesday, 11 October 2023 05:35 PM

මේකෙන්වත් රනිල් මොනවාහරි ඉගෙනගත්තොත් හොඳයි...! 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site