
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම අමාත්‍යාංශයේ දී අද (13) පත් කර තිබේ .
මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චචන්ද්‍ර මහතා ද සහභාගී වී සිටියේය .
එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගිකාඅධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධි හිමි කර ගෙන තිබේ .
මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්ව විද්‍යාල වලට වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ .
මීට පෙර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ පී.ඒ.ජයකාන්ත මහතා පසුගිය දා විශ්‍රාම ගෙන තිබුණි .
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිවිල් ගුවන් සේවායට නව අධ්‍යක්ෂවරයෙක්
sam Thursday, 14 March 2024 08:06 AM
අපෝ සිරාද පත්කළේ? එහෙනම් සිරාගේම කෙනෙක් වෙන්න ඇති...